දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආරක්ෂක ලේකම් කමල්ට අපහාස කරපු නඩුව! චමුදිතට එරෙහිව වාරණ නියෝග දෙකක්!
Homeප්‍රවෘත්ති

ආරක්ෂක ලේකම් කමල්ට අපහාස කරපු නඩුව! චමුදිතට එරෙහිව වාරණ නියෝග දෙකක්!

PropellerAds

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සහ ඩබ්ලිව්.ඒ.ඒ.ධර්මසිරි යන අයට එරෙහිව මොරටුව ගරු දිසා අධිකරණය විසින් වාරණ නියෝග දෙකක් ඊයේ (මැයි 16) දින නිකුත...

මහින්ද අද කොරියාවට
රජරට සරසවිය වසා දමයි
කට පරිස්සම් කරගන්න - ඇමති පාලිත විමල්ට කියයි
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සහ ඩබ්ලිව්.ඒ.ඒ.ධර්මසිරි යන අයට එරෙහිව මොරටුව ගරු දිසා අධිකරණය විසින් වාරණ නියෝග දෙකක් ඊයේ (මැයි 16) දින නිකුත් කරන ලදී.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා සම්බන්ධයෙන් අසත්‍ය සහ අපහාසාත්මක කරුණු ප්‍රචාරය කරමින් ද්වේශසහගත ලෙස ඔහුගේ කීර්ති නාමයට හානිපමුණුවා ඇතැයි ප්‍රකාශ කරමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම විසින් පවත්වාගෙන යනු ලබන “truth with Chamuditha” යූ ටියුබ් චැනලය ඔස්සේ ඩබ්ලිව්.ඒ.ඒ.ධර්මසිරි යන අය විසින් සිදුකර ඇති ප්‍රකාශයන් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා විත්තිකරුවන් කරමින් රුපියල් මිලියන 500 බැගින් වන්දි ඉල්ලා මොරටුව ගරු දිසා අධිකරණයේ පවරා ඇති නඩුව කරුණු තහවුරු කිරීම සඳහා කැඳවීමෙන් අනතුරුව මෙම වාරණ නියෝග නිකුත් කර ඇත.

ඒ අනුව පළමු විත්තිකාර චමුදිත සමරවික්‍රම සිය “truth with Chamuditha” යූ ටියුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කරනු ලබන කුමන හෝ ආකාරයක වැඩසටහනකින් හෝ වෙනත් මාධ්‍යයකින් පැමිණිලිකරු සම්බන්ධයෙන් මොනයම් හෝ අසත්‍ය සහ වැරදි කරුණු ගෙනහැර දක්වමින් ඔහුගේ කීර්ති නාමයට හානියක් වන පරිදි ද්වේශසහගත ප්‍රකාශයන් ප්‍රචාරය කිරීම වළක්වාලමින් ඔවුන් දෙදෙනාට එරෙහිව එක් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

තවද මෙම නඩුවට ගොනුකර ඇති සාක්ෂි පැමිණිලිකරු සම්බන්ධයෙන් අන්තර්ගත වී ඇති කරුණු පළමු විත්තිකරු විසින් පවත්වාගෙන යනු ලබන “truth with Chamuditha” යූ ටියුබ් චැනලය හෝ විත්තිකරුවන් දෙදෙනාම විසින් පවත්වාගෙන යනු ලබන වෙනත් සියළුම සමාජ මාධ්‍ය ගිණුම් තුළින් තවදුරටත් ප්‍රචාරය කිරීම වළක්වාලමින් ඔවුන් දෙදෙනාට එරෙහිව ද ගරු අධිකරණය විසින් තවත් වාරණ නියෝගයක් ද නිකුත් කර ඇත.

මෙහිදී පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ එරංගා පින්නදූව මෙනවියගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක සහ නීතිඥ ඉශාන් අලවතුරගේ යන මහත්වරුන් පෙනී සිටින ලදි.

මෙම නඩුව මැයි මස 30 වන දින යලි කැඳවීමට නියමිතය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආරක්ෂක ලේකම් කමල්ට අපහාස කරපු නඩුව! චමුදිතට එරෙහිව වාරණ නියෝග දෙකක්!
ආරක්ෂක ලේකම් කමල්ට අපහාස කරපු නඩුව! චමුදිතට එරෙහිව වාරණ නියෝග දෙකක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi4hbeZVV0ZThlVJExqToeiEQiIbWcomvKTwQk9mZWQ46gLQeK5m1EXwlmXbrpYWXyqn8MvTtuRYyOquzBgtmx0VADgCf0tpzatTRmnSPH1_nBJuLgAbAbHujvDwKICreO6SjKdAF7V11mFyt2pb-0bYyu-43hoqKu96mjTw8AuyXqDXf0nWPdM-Q/w320-h170/chamuditha-samarawickrama.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi4hbeZVV0ZThlVJExqToeiEQiIbWcomvKTwQk9mZWQ46gLQeK5m1EXwlmXbrpYWXyqn8MvTtuRYyOquzBgtmx0VADgCf0tpzatTRmnSPH1_nBJuLgAbAbHujvDwKICreO6SjKdAF7V11mFyt2pb-0bYyu-43hoqKu96mjTw8AuyXqDXf0nWPdM-Q/s72-w320-c-h170/chamuditha-samarawickrama.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/05/blog-post_17.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/05/blog-post_17.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy