විමල් වීරවංශ කොළඹ වටලනවා කියා ඇති බවත්, කට නිසා මාළුවාත් නහින නිසා විමල්ට කට පරිස්සම් කරගන්නැයි කියන බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණ...
විමල් වීරවංශ කොළඹ වටලනවා කියා ඇති බවත්, කට නිසා මාළුවාත් නහින නිසා විමල්ට කට පරිස්සම් කරගන්නැයි කියන බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ අද(04) සිරිකොතදී පැවැති මාධ්‍ය හමුවකදී ය.
මහින්ද රාජපක්ෂ මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඩීල් නැති බවත් ඩීල් එකක් ඇති නම් පාද යාත්‍රාවේ පැමිණි අය රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට බැණ නොවදින බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
පාද යාත්‍රාවේ පැමිණි අය ජනපති පවා විවේචනය නොකර අගමැතිවරයාට අපහාස කළ බවත් ඩීල් එකක් ඇති නම් අගමැතිට අපහාස නොකර ඔවුන් හොඳ කිව යුතු බවත් හෙතෙම පෙන්වාදුන්නේය.
එසේම රටපාවා දුන් දෙවැනි ජුවන් ධර්මපාල කෙනෙක් ඉන්නවානම් ඒ මහින්ද රාජපක්ෂ මහතා බව ද නැවත බලයට ඒම සඳහා කරන මෙවැනි වැඩ අනුමත නොකරන බව ද ඔහු කියා සිටියේය.
"බෙංගමුවේ බ්‍රිගේඩියර්" සංඝයා වහන්සේ 2000ක් පාගමනට ගේන බව පැවසුවත් 150ක්වත් නොපැමිණි බවත් මිලියන 2ක් කොළඹට එන බව කියූ නිසා කැම්බල් පිටිය වෙන්කර දුන් බවත් එහෙත් බුද්ධි අංශ වාර්තාවලට අනූව පැමිණ ඇත්තේ 14,700ට අඩු පිරිසක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS