දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නන්දලාල් තනතුර බාර ගත්තෙ සිකුරාදා! අඟහරුවාදා ප්‍රකාශයට පත් කළා ලංකාව බංකොලොත් කියලා! ගියේ දවස් 4යි! එහෙම වුණේ කොහොමද? ආවේ මේක ප්ලෑන් කරලමද? මහබැංකු අධිපති ගැන අනුරට බරපතළ සැකයක්!
Homeප්‍රවෘත්ති

නන්දලාල් තනතුර බාර ගත්තෙ සිකුරාදා! අඟහරුවාදා ප්‍රකාශයට පත් කළා ලංකාව බංකොලොත් කියලා! ගියේ දවස් 4යි! එහෙම වුණේ කොහොමද? ආවේ මේක ප්ලෑන් කරලමද? මහබැංකු අධිපති ගැන අනුරට බරපතළ සැකයක්!

PropellerAds

ශ්‍රී ලංකාවට රටක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට යෑමට සිදුවුණේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ නිසා බවයි පාර්ලිමේන්තු ...

දින තුනකින් පෙට්‍රල් ඉවරයි?
ගීතාට දුන් තීන්දුවෙන් බැසිල් විසිවෙයි.
මීගමු මුඩ්ලියරුත් එක්ක UB ෆිනෑන්ස් කම්බා හොරකමක.
ශ්‍රී ලංකාවට රටක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට යෑමට සිදුවුණේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ නිසා බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසන්නේ. මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් ශ්‍රී ලංකාව ලබාගත් ණය සම්බන්ධ ගෙවීම් තවදුරටත් නොකරන බවට නිල වශයෙන් ඒක පාර්ශව ප්‍රකාශයක් කිරීම ඊට හේතුව බවයි ඔහු කියන්නේ.

“ආචාර්ය නන්දලාල් වීරසිංහ, ඔහු මහ බැංකු අධිපති ලෙස පත්කරන්නේ 2022 අවුරුද්දේ අප්‍රේල් මාසේ 08 වෙනිදා. එදා සිකුරාදා දවසක්. අප්‍රේල් නමය සෙනසුරාදා. රජයේ නිවාඩු දවසක්. අප්‍රේල් 10 ඉරිදා, එදත් නිවාඩු දවසක්. අප්‍රේල් 11 රජය විසින් විශේෂ නිවාඩු දවසක් බවට නිවේදනය කළා. හරියටම ගත්තොත් නිවාඩු දින තුනක්. ඊට පස්සේ වැඩ කරන දවස අප්‍රේල් 12 වෙනිදා. ආචාර්ය නන්දලාල් වීරසිංහ 2022 අප්‍රේල් 8වෙනිදා තමන්ට අදාළව මහ බැංකු අධිපති පත්වීම අරගෙන දවස් හතරකට පස්සේ අප්‍රේල් 12 මහ බැංකුවේ වැඩට ගියා.

තමන්ගේ පුටුවේ වාඩි වුණු පළමු මොහොතේම ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති ලෙස පළමුවෙන්ම ගත්ත තීන්දුව තමයි ශ්‍රී ලංකා රජය විදේශීය රටවලින් ලබාගත් ණය ගෙවන්නේ නැති බවට ගත් තීරණය. ‘ශ්‍රී ලංකා රජය විදේශීය රටවලින් සහ මූල්‍ය ආයතනවලින් අරන් තියෙන ණය ගෙවන්නේ නැහැ’ නැහැ කියලා මේ රටේ මහ බැංකු අධිපතිවරයා නිවේදනය කළා.

කවර හෝ මහ බැංකු අධිපතිවරයෙකුට මහ බැංකුවට ගොඩ වූ පළමු දවසේම ණය නොගෙන්වන බවට තීන්දුවක් ගැනීමේ යම් අන්තර් සබඳතාවයක් තියෙන බව නොතේරෙන්නේ කාටද. ඒ විතරක් නෙමෙයි 2022 දී අයවැය ලේඛනයේ සඳහන් වෙනවා ඒ වර්ෂයට අදාළ ණය සහ පොලී වාරිකය ගෙවීමට නිශ්චිතව සඳහන් කරනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තිය අනුව රටේ මූල්‍ය බලය මුළුමනින්ම පැවරෙන්නේ පාර්ලිමේන්තුවටයි. ඒකට කාටවත් අත තියන්න බැහැ. 2021 දෙසැම්බර් මාසයේ අයවැයෙන්, 2022 වසරේ ණය ගෙවීම සඳහා මුදල් වෙන්කර තිබුණා. එහි නිශ්චිතව සඳහන් කර තිබුණා ගෙවීමට තිබෙන ණය මුදලත්, එම ගෙවීමට තිබෙන ණය මුදල් සඳහා මුදල් සොයා ගන්නා ආකාරයත්. සල්ලි තිබුණද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. පුලුවන්ද බැරිද කියන එකත් වෙනම විවාදයක්.

හැබැයි කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට කිසිදු අවබෝධයකින්, දැනුවත් කිරීමකින්, තීන්දුවකින් තොරව මහ බැංකු අධිපතිවරයා තීන්දුවක් ගන්නවා අපි ණය ගෙවන්නේ නැහැ කියලා. සමහර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ලෙස පෙන්වා දුන්නා.

රටක් ණය ගෙවන්නේ නැතැයි කියන්නේ රට බුන්වත්භාවය ප්‍රකාශ කිරීමක්. රට බංකොලොත්. ඊට පස්සේ අපිට පෙන්වන එකම පාර ණය ගෙවන්නේ නැත්නම් අනිවාර්යයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ එකඟතාවයකට යා යුතුමයි. වෙනත් කිසිදු විකල්ප මාවතක් නැහැ.

අපිට මුදල් සපයා ගැනීම වෙනුවෙන් ද්විපාර්ශ්වික එකඟතාවයන් වෙත යා හැකිව තිබුණා. 2022 අගෝස්තු මාසය වන විට 2022 වසර සඳහා පමණක් ඉන්දියාවෙන් ඩොලර් බිලියන 3.8ක ණය පහසුකම් අරගෙන තිබුණා. තවදුරටත් ඉන්දීය සමඟ සාකච්ඡා දීර්ඝ කර ණය පහසුකම් ලබාගැනීමට අවස්ථාව තිබුණා. අපි හදාගන්නා සංවර්ධන මාවත්වලට අනුරූප වන පරිදි ඉන්දියාවත් සමග ණය එකඟතාවයකට යා හැකිව තිබුණා. චීනයෙනුත් එහෙමයි. පසුගිය මාර්තු මස ඩොලර් බිලියන 1.5ක් වටිනා යුවාන් ණය මුදලක් ලබාදී තිබෙනවා. අදත් එය මහ බැංකුවේ සංචිතවලට ඒක ඇතුළත් වෙලා තිබෙනවා. හැබැයි අපි ණය නොගෙවන්නේ නම්, ද්විපාර්ශ්වීය ගනුදෙනු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාව ඇහිරී යනවා.

ඒ වෙනකොටත් මේ අර්බුදයෙන් ගොඩඒම සඳහා ජපානයත් සමඟ යම් මුදල් ගනුදෙනුවක් පිළිබඳව සාකච්ඡා කරමින් තිබුණා. හැබැයි අපි ණය ගෙවන්නේ නැත්නම් ණය ගෙවන්නේ නැති රටකට කිසිවෙක් ණය දෙන්නේ නැහැ. ආසියානු සංවර්ධන බැංකුවෙන් අපට ණය ලබාගැනීමේ හැකියාව තිබුණා. ඒ සියල්ල අප්‍රේල් මාසයේ 12වනදායින් පසුව ගිලිහී ගියා.

මහ බැංකු අධිපතිවරයා අප්‍රේල් මස 12වනදා ගත් තීරණයත් සමඟ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක වියහැකි පරිදිම ගැටගැසුවා. මෙය ඉතාමත් දැනුවත්භාවයකින් කරන ලද කාර්යයක්. ඔහු එම පුටුවේ වාඩිවෙන ලද්දේ එම කාර්යය සඳහාමයි යන මතය සමාජය තුළ මතුවී තිබෙනවා.

අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් පළමු ණය පහසුකම ලබා ගන්නේ 1966 වසරේ දී. 66 සිට 2016 දක්වා අපි දහසය වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුකම් ලබාගෙන තිබෙනවා. මේ අවස්ථාව සමඟ අවස්ථා හතරක් අපි ණය ලබාගෙන තිබෙන්නේ විස්තීරණ පහසුකමක්. එයින් අදහස් කරන්නේ එයාලා දෙන ලද න්‍යාය පත්‍රයකට අනුව, එසේ නැත්නම් එයාලා සමඟ ඇතිකරගන්නා එකඟතාවයකට අනුව අපේ රටේ ආර්ථිකය මෙහෙයවීම.

පත්වීම බාරඅරගෙන දවස් හතරකට පස්සේ තමන්ගේ පුටුවේ පළමු වරට ඉඳ ගත්ත ආචාර්ය නන්දලාල් වීරසිංහ අපි ණය නොගෙවන රටක් බවට කළ ප්‍රකාශය හරහා සිදු කරන්නේ අපේ රටේ ආර්ථිකය මෙහෙයවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත පැවරීම” යි අනුර දිසානායක මන්ත්‍රීවරයා පවසනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නන්දලාල් තනතුර බාර ගත්තෙ සිකුරාදා! අඟහරුවාදා ප්‍රකාශයට පත් කළා ලංකාව බංකොලොත් කියලා! ගියේ දවස් 4යි! එහෙම වුණේ කොහොමද? ආවේ මේක ප්ලෑන් කරලමද? මහබැංකු අධිපති ගැන අනුරට බරපතළ සැකයක්!
නන්දලාල් තනතුර බාර ගත්තෙ සිකුරාදා! අඟහරුවාදා ප්‍රකාශයට පත් කළා ලංකාව බංකොලොත් කියලා! ගියේ දවස් 4යි! එහෙම වුණේ කොහොමද? ආවේ මේක ප්ලෑන් කරලමද? මහබැංකු අධිපති ගැන අනුරට බරපතළ සැකයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiotBkhLJaBcKbIV1aAoaiwaZSYcXcfea_e5wwuUlijm9n-DFRV1KlWI4my1BsTg0qpHRceLq_L3XHiXQh2u7mqAL_lYxcmcZBBRhRNMqXPr9LyIc3VvINAtXsU0YMsS0EH9TgXQBzVySWvAezJ6UAAryRmKER41y78vJUzKxuuMXEXWrjNjRqEOQ/w320-h173/anura-kumara.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiotBkhLJaBcKbIV1aAoaiwaZSYcXcfea_e5wwuUlijm9n-DFRV1KlWI4my1BsTg0qpHRceLq_L3XHiXQh2u7mqAL_lYxcmcZBBRhRNMqXPr9LyIc3VvINAtXsU0YMsS0EH9TgXQBzVySWvAezJ6UAAryRmKER41y78vJUzKxuuMXEXWrjNjRqEOQ/s72-w320-c-h173/anura-kumara.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/04/4.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/04/4.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy