දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගීතාට දුන් තීන්දුවෙන් බැසිල් විසිවෙයි.
Homeප්‍රවෘත්ති

ගීතාට දුන් තීන්දුවෙන් බැසිල් විසිවෙයි.

PropellerAds

ගීතා කුමාරසිංහ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් ඓතිහාසික තීන්දුව නිසා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන බලාපොරොත්තු සම්පූර්ණයෙන් ...

ලාංකිකයන්ට සිතා බලන්නැයි ගෝඨා කියයි
මුදල් ඇමතිගේ සාකච්ඡාවෙන් පසු ගැමුණු බස් වර්ජනය අත්හිටුවයි
'ආචාර ධර්මවලට පටහැනියි' - දුමින්ද හමුවීමට විනිසුරුවරියක් සිරගෙට යයි

ගීතා කුමාරසිංහ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් ඓතිහාසික තීන්දුව නිසා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන බලාපොරොත්තු සම්පූර්ණයෙන් බිඳ වැටී ඇති බව පක්ෂ තොරතුරු මඟින් අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කළ බැසිල් රාජපක්ෂ මහතා බලාපොරොත්තුව සිටියේ පසුගියදා ගීතා කුමාරසිංහ මහත්මිය සම්බන්ධයෙන් දුන් නඩු තීන්දුව ඇයට වාසි සහගත ලෙස වූවානම් නැවත පාර්ලිමේන්තු සටනට පිවිසීමටයි.

ගීතා කුමාරසිංහ මහත්මියට පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ රැඳී සිටීමට අවසර දීම නිසා බැසිල් රාජපක්ෂ මහතා සිය බලාපොරොත්තු ඉහළ නංවා සිටි බවද වාර්තා වේ.

ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන් ගන්නා තීරණයක් මාස දෙකක් තුළ තීරණය විය යුතුයි.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ප්‍රමුඛ විනිසුරුවරුන් පස්දෙනකුගෙන් යුත් මඬුල්ල කුමාරසිංහ මහත්මිය සම්බන්ධයෙන් ගත් තීරණයෙන් බැසිල් සහ ගෝඨාභය රාජපක්ෂ සහෝදරයින් දෙදෙනාගේම බලාපොරොත්තු බිඳ වැටී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ගිය කණ්ඩායමට අයත් ප්‍රධාන චරිතයක් වූ ගීතා කුමාරසිංහ මහත්මියට අපේක්ෂකයකු වීමටවත් සුදුසුකම් නොතිබී ඇති බව මෙම තීරණයෙන් පැහැදිලි වේ.

ගීතා කුමාරසිංහ මහත්මිය සම්බන්ධයෙන් ගන්නා ලද තීරණයට පසුබිම් වී ඇත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයයි. වෙනත් රටක පුරවැසිභාවය ලබන පුද්ගලයකු සම්බන්ධයෙන් නීති එහි සඳහන් වේ.

බැසිල් රාජපක්ෂ මහතා මෑතකදී බී.බී.සි යට ප්‍රකාශ කර ඇත්තේ කිසිම දවසක අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය අත්නොහරින බවයි. “මම අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය අත්හරින්න සූදානම් නැහැ. මගේ දරුවන් සහ මගේ පවුල සිටින්නේ එක්සත් ජනපදයේයි” බැසිල් රාජපක්ෂ පැවැසීය.

“මම දේශපාලනයට අවතීර්ණ වුණේ එක්සත් ජනපදයේ පුරවැසිභාවය දරමින් සිටියදීය.”

ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ සිය සහෝදර ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් තමාට කතා කළ නොහැකි බවයි. ගෝඨාභය සම්බන්ධයෙනුත් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ගැටලු පවතින අතර ඔහුද දේශපාලනයට පිවිසීමට උනන්දුවෙන් සිටී.

ජාතිමාමකත්වය පදනම් කරගෙන ගොඩනැගුණා යැයි කියන පක්ෂයක පුද්ගලයින් දැනටමත් අමෙරිකාවට සිය පක්ෂපාතීත්වය ප්‍රකාශ කර තිබීම විහිළුසහගතය.

ආරංචි මාර්ග පවසන පරිදි රාජපක්ෂ සහෝදරවරුන් දෙදෙනා විරසකව ඇති බවත් ගෝඨාභය මහතා පොදුජන පෙරමුණෙන් එකතු නොවී දැඩි ජාතිවාදය පදනම් කරගත් පිරිස් සමඟ එක්ව තම කටයුතු කරගෙන යන බවත් පැවසේ.

ගෝඨාභ‍යගේ මෙම ව්‍යාපාරයට පහරගැසීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යාපනයේදී පැවැත්වූ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකදී බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේ සිය වැඩිමහලු සෙහොයුරු මහින්දගේ පාලන කාලයේ අපරාධ සිදුවී ඇති බවත් ඒවා පිළිබඳව ස්වාධීනව සොයා බැලිය යුතු බවත්ය.

බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසුවේ යුද්ධ පැවැති කාලසීමාවේදී සහ යුද්ධය අවසන් වූ පසුවත් මේ අපරාධ සිදුවී ඇති බවයි.

බැසිල්ගේ මෙම ප්‍රකාශය නිසා ගෝඨාභය මහතාගේ ආධාරකරුවන් කෝපයට පත්වූ බව සඳහන් වේ. එම ආධාරකරුවන් පවසනුයේ කිසිදු අපරාධයක් සිදුනොවුණ බවත් හමුදාවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කිසිදු ආකාරයේ පරීක්ෂණයක් සිදුනොවිය යුතු බවත්ය.

බැසිල් රාජපක්ෂ මහතාගේ ආධාරකරුවෝ හිටපු හමුදා ප්‍රධානියකු වූ කමල් ගුණරත්න මහතා නව ව්‍යවස්ථාවට සහාය දෙන්නන් ඝාතනය කළ යුතු යැයි කළ ප්‍රකාශය පිළිබඳවද සිය අප්‍රසාදය පළ කර සිටිති. කමල් ගුණරත්නගේ ප්‍රකාශය දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මඟින් සිදුකළ භීෂණකාරී කටයුතුවලට සමානතාවයක් දරනු ඇති බව පැහැදිලි වේ. බැසිල් රාජපක්ෂ මහතාගේ කණ්ඩායමේ කිහිපදෙනෙකුටද එදා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ භීෂණයට මුහුණදීමට සිදුවී ඇත.

කමල් ගුණරත්න මහතාගේ මෙම ප්‍රකාශ මේ වනවිට ගෝඨාභය කණ්ඩායමටත් අවාසිදායක තත්ත්වයක් ඇති කර ඇති බවත් ඔහු මෑතකදී පැවැති රැස්වීම්වලට සහභාගිවී නොසිටි බවත් වාර්තා වේ.

ගීතා කුමාරසිංහ මහත්මිය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව නිසා බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනාටම පාර්ලිමේන්තුවේ සිටීමේ අවස්ථාව සම්පූර්ණයෙන්ම අවහිර වී තිබීම නිසා මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් තමන්ට අලුත් නායකත්වයක් සොයමින් සිටින බව වාර්තා වේ. එම පෙරමුණේ මහලේකම් ජී. එල්. පීරිස් මහතා ශක්තිමත් තරගකරුවකු නොවන නිසා මෙලෙස නව නායකත්වයක් සෙවීමට පෙළඹී ඇති බවද වාර්තා වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගීතාට දුන් තීන්දුවෙන් බැසිල් විසිවෙයි.
ගීතාට දුන් තීන්දුවෙන් බැසිල් විසිවෙයි.
http://ift.tt/2yx6W1z
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_29.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_29.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy