දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මීගමු මුඩ්ලියරුත් එක්ක UB ෆිනෑන්ස් කම්බා හොරකමක.
Homeප්‍රවෘත්ති

මීගමු මුඩ්ලියරුත් එක්ක UB ෆිනෑන්ස් කම්බා හොරකමක.

PropellerAds

මීගමුව මහාධිකරණයේ තෝල්කමුදලි බව කියන ශෂික ගංගානාත් සුදුහෙට්ටි නමැත්තා ඉඩම් මංකොල්ලයක් සාධාරණීකරණය කිරීම වෙනුවෙන් මීගමුව පොලීසියට දැඩි බලප...

ඇමති පාලිත ASP තනතුරක් ඉල්ලයි
අද සිට ලංකාවට හිරු මුදුන්වෙයි
විදෙස් වෙබ් අඩවියක් ජනපති ගැන පළ කළ පුවත ජනපතිගේ පෞද්ගලික අවධානයට

මීගමුව මහාධිකරණයේ තෝල්කමුදලි බව කියන ශෂික ගංගානාත් සුදුහෙට්ටි නමැත්තා ඉඩම් මංකොල්ලයක් සාධාරණීකරණය කිරීම වෙනුවෙන් මීගමුව පොලීසියට දැඩි බලපෑම් කර ඇති බව වාර්තා වේ.

මීගමුව පෙරියමුල්ල ‘කොන්ටිනන්ටල් රෙසිඩන්ස්’ හී බ්ලොක් 65, පර්චස් 10ක ඉඩමට එහි නියම හිමිකරුට ඇතුල්වීමට ඉඩනොදීම සම්බන්ධව සිදු කළ පැමිණිල්ලක් මීගමුව පොලීසියේ විභාග කළ අවස්ථාවේ මීගමුව මහාධිකරණයේ තෝල්කමුදලි ඉඩම් මංකොල්ලකරුගේ පාර්ශ්වය වෙනුවෙන් පොලීසියට පැමිණ මෙසේ බලපෑම් කර ඇත.

වාර්තා වන ආකාරයට මහාධිකරණයක තෝල්කමුදලිට මෙසේ පොලීසියට පැමිණ බලපෑමක් කිරීමට තබා සිවිල් නීති කඩකිරීමක් සම්බන්ධව සිදු කරන පොලිස් විමර්ශනයකට මැදිහත්වීමට හැකියාවක් පවා නොමැති නමුත් ශෂික ගංගානාත් සුදුහෙට්ටි නම් තෝල්කමුදලි සිය රාජකාරියේ ස්වභාවය මත ඇතිවන දැනහැඳුනුම්කම බලයක් ලෙස ගෙන මෙසේ පොලීසියට බලපෑම් කර ඇත.

මීගමුව මහාධිකරණයේ තොල්කමුදලි මෙසේ සිය නිල රාජකාරි බලය අවභාවිතයේ යොදවමින් සිදුකළ කටයුත්ත සම්බන්ධව අනෙක් පාර්ශ්වය විසින් අධිකරණ අමාත්‍යාංශය වෙත පැමිණිලි කිරීමට කටයුතු කරන්නට යන බව ද වාර්තා වෙයි.

මුඩ්ලියර් බලපෑම්කරන්න ආ හැටි වීඩියෝවේ.



බරපතළ සැක සංකා සහිත ගනුදෙනුවක් :

මේ සම්බන්ධව අප කළ සොයා බැලීමේ දී හෙළිවූයේ මෙම ඉඩම ඇතුළුව බිම් කොටස් 22ක් සම්බන්ධව බරපතළ සැක සංකා සහිත ගනුදෙනුවක් ද සිදුව ඇති බවය.

මේ වන විට මීගමුව පොලීසියට පැමිණිලි ලැබී ඇති ආරවුලට අදාළ ඉඩම 2009 වසරේ මාර්තු මාසයේ ‘ෆිනෑන්ස් ඇන්ඞ් ගරන්ටී - ප්‍රොපර්ටි ඩිවලපර්ස්’ පෞද්ගලික සමාගම වෙතින් මිලදී ගැනීමට පැමිණිලිකාර පාර්ශ්වය කටයුතු කර ඇත. ඒ පර්චස් 10 රුපියල් ලක්ෂ 120 ක මුදලකටය.

නමුත් පසුකාලීනව ‘ෆිනෑන්ස් ඇන්ඞ් ගරන්ටී - ප්‍රොපර්ටි ඩිවලපර්ස්’ සමාගම අයත් එෆ් ඇන්ඞ් ඞී සමාගම සහ ඒ අයත් සෙලින්කෝ සමුහයේ ඇතිවූ මූල්‍ය අස්ථාවරත්වය සහ ඒ ආශ්‍රීත සිදුවීම් හේතුවෙන් මෙම ඉඩමේ කිසිදු කටයුත්තක් සිදු කිරීමට පැමිණිලිකාර පාර්ශ්වයට හැකිවී නැත.

එකම ඉඩම දෙන්නෙකුට විකුනලා :

නමුත් තමන් විසින් මිලදී ගෙන ඇති මෙම ඉඩම ගැන සොයා බැලීමට පැමිණිලිකාර පාර්ශ්ව කඩින් කඩ ඒ වෙත ගොස් ඇති අතර 2017 අගෝස්තු මාසයේ මෙම ඉඩමට තවත් හිමිකරුවෙකු ඉදිරිපත් වී ඇත.

ඔහු AB කන්ස්ට්‍රක්ෂන් නම් සමාගම අයත් අංගම්පොඩිගේ වර්ණකුමාර යන අය ය. එහි දී පැමිණිලිකාර පාර්ශ්වය තමන් මේ ඉඩම 2009 වසරේ මිලදීගත් බව පවසා ඇති නමුත් ඉඩමට ඉදිරිපත් වූ අනෙක් හිමිකරුවා යයි කියාගත් අය පවසා ඇත්තේ අදාළ ඉඩම ඇතුළු තවත් ඉඩම් කොටස් 22ක් තමන් ලක්ෂ 1184කට මිලදී ගත් බවය.

ඒ, යූ. බී. ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රන්සිත් කරුණාරත්නගේ මැදිහත්වීමෙන් සිදු කළ ගනුදෙනුවක් හරහාය. යූ. බී. ෆිනෑන්ස් සමාගම මෙම ගනුදෙනුවලට මැදිහත් වන්නේ ‘ෆිනෑන්ස් ඇන්ඞ් ගරන්ටී - ප්‍රොපර්ටි ඩිවලපර්ස්’ පෞද්ගලික සමාගම ඇතුළු එෆ්. ඇන්ඞ් ජී. සමාගම් සමූහයේ මෙහෙයුම් කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට අනුව යූ. බී. ෆිනෑන්ස් සමාගමට හිමිවීම හරහාය.

එහෙත් එම තීන්දුව අනුව ‘ෆිනෑන්ස් ඇන්ඞ් ගැරන්ටී - ප්‍රොපර්ටි ඩිවලපර්ස්’ පෞද්ගලික සමාගම වෙතින් ඉඩම් මිලදීගත් පාර්ශ්වයන්ට එහි අයිතිය අහිමිවීමක් හෝ එවැනි නියෝගයක් ඇතුළත්ව නැත.

ගැටලූසහගත කරුණ ?

එසේ තිබිය දී අදාළ ඉඩම මෙන්ම අනෙක් ඉඩම් කොටස් 22 ක AB කන්ස්ට්‍රක්ෂන් නම් සමාගම අයත් අංගම්පොඩිගේ වර්ණකුමාර යන අය යූ. බී. ෆිනෑන්ස් වෙතින් මිලදීගෙන ඇත්තේ ‘ෆිනෑන්ස් ඇන්ඞ් ගරන්ටී - ප්‍රොපර්ටි ඩිවලපර්ස්’ සමාගම යටතේ පැවති සමයේ මීගමුව පෙරියමුල්ල ‘කොන්ටිනන්ටල් රෙසිඩන්ස්’ හී සිදු කළ කොන්ත්‍රාත් කටයුතු වෙනුවෙන් හිමිවීමට තිබු රුපියල් ලක්ෂ 420 ක් හෝ ඊට ආසන්න හිඟ මුදලට හිලව් වන ලෙස දක්වමින්ය.

එහෙත් ගැටලූසහගත කරුණ වන්නේ රුපියල් ලක්ෂ 420ක් හිලව් කිරීම සඳහා රුපියල් ලක්ෂ 1184ක් හෝ ඊට ආසන්න ගනුදෙනුවක් සිදු වූයේ කෙසේද යන්නය.

ලැබී ඇති තොරතුරුවලට අනුව අදාළ හිඟ මුදල් සඳහා ‘ෆිනෑන්ස් ඇන්ඞ් ගරන්ටී - ප්‍රොපර්ටි ඩිවලපර්ස්’ සමාගම යටතේ පැවති සමයේ මීගමුව පෙරියමුල්ල ‘කොන්ටිනන්ටල් රෙසිඩන්ස්’ හී ඉඩම් කොටස් ලබා ගැනීමට අංගම්පොඩිගේ වර්ණකුමාර යන අය කටයුතු කර ඇති අතර ඒ වෙනුවෙන් ඔහු ප්‍රකාශන ඔප්පු ද සකසාගෙන ඇත. ඒ 2011 වසරේ පමණය.

අනතුරුව ඔහු කූට ලෙස ක්‍රියාත්මකවී එම ප්‍රකාශන ඔප්පු මීගමුව කච්චේරියේ පත්තිරුවලට එක් කරන්නට ක්‍රියාකර ඇත.

පසුව ලක්ෂ 420 ක් වෙනුවෙන් හිලව් ලෙස යූ. බී. ෆිනෑන්ස් හරහා ඉඩම් ලබා ගෙන ඇති අතර ඉතිරි ඉඩම් ලබාගෙන ඇත්තේ බැංකු ණයක් ගැනීම හරහාය. යූ. බී. ෆිනෑන්ස් සමඟ සිදු කළ මෙම ගනුදෙනුව 2017 වසරේ පෙබරවාරි 13 හෝ ඊට ආසන්න දිනයක දී සිදුකර ඇත.

සමාගම පිළිගනී !

ඒ අනුව දැන් මතුවන තවත් ගැටලූවක් වන්නේ ලක්ෂ 1184කට ඉඩම් කොටස් 22ක් වෙන් කිරීමේ දී සිදුකර ඇති තක්සේරුව ගැනය. එහි දී පර්චස් 10 කින් යුතු එක් ඉඩම් කොටසක් තක්සේරු වී ඇත්තේ රුපියල් ලක්ෂ 54 කට ආසන්න මුදලකටය.

මේ වන විට තම සමාගම සිදු කළ ගනුදෙනුව හරහා ගැටලූවක් ඇතිවී තිබෙන බව යූ. බී. ෆිනෑන්ස් සමාගමේ ඉහළ පෙළේ නිලධාරීන් පවා පිළිගෙන ඇති බව ද අපට වාර්තා වන නමුත් එහි ප්‍රධාන විධායක නිලධාරී රන්සිත් කරුණාරත්නගේ බලපෑම් හේතුවෙන් මෙම ගැටලූව විසඳිය නොහැකි වී ඇති බව ද වාර්තා වෙයි.

එසේම එෆ් ඇන්ඞ් ජී. සමාගමේ වත්කම් යූ. බී. ෆිනෑන්ස් වෙත පවරා ඇත්තේ එහි මෙහෙයුම් කටයුතු නිසි කළමනාකරණයක් යටතේ සිදුකර වින්දිතයන්ට ඔවුන්ගේ වත්කම් නැවත හිමිකර දෙන්නටය.

ඒ හැර ඉඩම් මංකොල්ලකරුවන්ට ඉඩම් කුණු කොල්ලයට දෙන්නට හෝ මේ වන විටත් ඉඩම් මිලදීගත් පාර්ශ්ව එම ඉඩම් මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතු කරවන්න නොවේය.

තෝල්කමුදලිගේ බලපෑම් :

මේ වන විට මීගමුව මහාධිකරණයේ තෝල්කමුදලි බව කියන ශෂික ගංගානාත් සුදුහෙට්ටි මීගමුව පොලීසියට පැන දමන සත්තම්වල සිට ඔවුන් වැනි අඳබාල නිලධාරීන්ගේ හයියෙන් කළ දුටු කළ වළ ඉහගත් පාතාල සම්බන්ධතා ඇති ඉඩම් මංකොල්ලකරුවන් සියලූ අකටයුතුකම් ඇතුළත් සාක්ෂි අප වෙත ලැබී ඇති අතර ඒවා ඉදිරි සතිවල දී එකිනෙක රටට හෙළිකිරීමට අප කටයුතු කරමු.

එහි දී ටයර් කඩයකින් දිවිය අරඹා ඉඩම් කොල්ලයෙන් ඉතා කෙටි කළකින් කෝටිපතියන් වීමේ රහස මෙන්ම එවැනි අයගේ ඉඳුල්වලින් ගොඩයන යූ. බී. ෆිනෑන්ස් කෙරුමන් වැඩ කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුවද නැද්ද යන්න ද සාමාන්‍ය ජනතාවගේ සිට වගකිව යුතු සියලූ පාර්ශ්වයන්ට දැනගන්නට හැකි වනු ඇත. .

මේ සම්බන්ධයෙන් විමසීමට දුරකතන අංක 0114468888 ඔස්සේ යූ.බී. ෆිනෑන්ස් බලධාරීන් සම්බන්ධ කර ගැනීමට අප දැරූ උත්සාහය ව්‍යර්ථ විය.

(සත්හඬ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මීගමු මුඩ්ලියරුත් එක්ක UB ෆිනෑන්ස් කම්බා හොරකමක.
මීගමු මුඩ්ලියරුත් එක්ක UB ෆිනෑන්ස් කම්බා හොරකමක.
http://ift.tt/2yyIwVw
https://i.ytimg.com/vi/6lCJFcC3K2I/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/ub.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/ub.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy