දෛනිකව බොරතෙල් ටොන් 04ක් පිරිපහදු කළ හැකි නව පිරිපහදු මධ්‍යස්ථානයක් චීන ආයෝජනයක් ලෙස මෙරට ස්ථාපිත කරන බව ශ්‍රි ලංකාවේ චීන තානාපති Qi Zhenh...
ඊයේ පස්වරුවේ මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව ශ්‍රි ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා මෙම අදහස් පළ කර තිබේ.
ඔහු පැවසුවේ මෙරට දැනට පවතින බොරතෙල් පිරිපහදුව හැටේ දශකයේ ඉදි කරන ලද ඉතා පැරණි එකක් වන බැවින් නව තාක්ෂණයෙන් යුත් තෙල් පිරිපහදුවක් ඉදිකිරිමට අපේක්ෂා කරන බවය.
මෙම නව පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් පසු රටේ ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියේ වෙනස්කම් රැසක් සිදුවනු ඇති බව ද ඔහු සඳහන් කළේය.
චීනය මගින් ඉන්ධන පිරිවුම් හල් 150 ක් කඩිනමින් මෙරට තුළ තුළ විවෘත කිරීමට සැළසුම් කර ඇති බව සදහන් කළ චීන තනාපතිවරයා තවදුරටත් පැවසුවේ මෙම වසරේ දී අමෙරිකානු ඩොලර් මිලියන 120ත් 140ත් අතර මුදලක් චීනය විසින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සැළසුම් කර ඇති බවය.
ඒ හරහා මෙරට තරුණ ප්‍රජාවට එම අයෝජන ඔස්සේ බිහිවන කර්මාන්ත සමඟ එකතු වී වැඩකළ හැකි බව ද ශ්‍රි ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා එහිදී වැඩිදුරටත් සදහන් කර තිබේ.

COMMENTS