ජාතික ණය ප්‍රශ්නයක් වී ඇතත් එය තරුණ පරපුරට උරුම කරන්නට වේදෝ යන සැකයක් පැවති බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. නිදහසේ ජිවත් විය හැකි සමාජය...
ජාතික ණය ප්‍රශ්නයක් වී ඇතත් එය තරුණ පරපුරට උරුම කරන්නට වේදෝ යන සැකයක් පැවති බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. නිදහසේ ජිවත් විය හැකි සමාජයක් නිර්මාණය කර ඇති හෙයින් බයක් සැකක් නොමැතිව ආණ්ඩුවට දොස් පැවරිය හැකි බව කියා සිටි වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ තරුණයන් අනාගත වගකීම භාරගන්නා පරපුරක් ලෙස ශක්තිමත් කිරීම ආණ්ඩුවේ වැඩපිළිවෙලෙහි අරමුණ බවයි.
"ගමට කෝටියක් වැඩසටහන සඳහා අපි තවත් මුදල් වෙන් කරනවා. මේ සියලු දේ කරන්නේ තරුණ පරපුර රටේ අනාගතය භාර ගන්නා ශක්තිමත් පරපුරක් කිරීමට. ඔවුන්ට හොඳ අනාගතයක උද කර දීමට. ඒ වැඩකටයුතු අපි ආරම්භ කර තිබෙනවා. දැන් තොරතුරු දැනගැනීමේ අයිතිය තිබෙනවා. පාර්ලිමේන්තුව සම්පුර්ණයෙන්ම ව්‍යවස්ථාදායක බලය ලබා ගෙන තිබෙනවා. එපමණක් නොවෙයි ජනතාවගේ ජිවන තත්ත්වය උසස් කිරීම සඳහා නිවාස ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා. එමෙන්ම විශාල සංවර්ධන වැඩසටහන් ආරම්භ කරනවා. හම්බන්තොට දියුණුව,කොළඹ දියුණුව,කළුතර කර්මාන්ත පුරය,ගාල්ල සංචාරක වැඩසටහන්,මහනුවර දියුණුව,වයඹ කර්මාන්ත හා සංචාරක දියුණුව,බස්නාහිර මහනගරය,ත්‍රිකුණාමලය දියුණුව වැනි විශාල වැඩසටහන් ක්‍රියාත්මක කරනවා."
මේ අතර අපනයන කර්මාන්ත දියුණු කිරීමෙන් සීඝ්‍ර ලෙස මුදල් උත්පාදනය කිරීමට හැකි වන බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS