දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විසදුමක් නොමැති අලි මිනි ගැටුම නිසා මදුනාගල ගොවියෝ අසරණ වෙති
Homeප්‍රවෘත්ති

විසදුමක් නොමැති අලි මිනි ගැටුම නිසා මදුනාගල ගොවියෝ අසරණ වෙති

PropellerAds

තිස්වසරක පැවති යුද්ධයෙන්  පසු ශ්‍රීලංකාව වෙලාගෙන තිබෙන අනෙක් බරපතල ප්‍රශ්නය වන්නේ අලි මිනිස් ගැටුමයි මේ නිසාම වසරකට අපට අහිමි වන මිනිස් ජි...

"ආවා" කල්ලියේ 7ක් කොටු
එජාප පාක්ෂිකයන් වෙනුවෙන් කැප වෙන්න අකිල සූදානම්
මුලතිව් ප්‍රදේශයේ උණුසුම් තත්වයක් - කැරලි මර්ධනයත් කැඳවයි
විසදුමක් නොමැති අලි මිනි ගැටුම නිසා මදුනාගල ගොවියෝ අසරණ වෙති

තිස්වසරක පැවති යුද්ධයෙන්  පසු ශ්‍රීලංකාව වෙලාගෙන තිබෙන අනෙක් බරපතල ප්‍රශ්නය වන්නේ අලි මිනිස් ගැටුමයි මේ නිසාම වසරකට අපට අහිමි වන මිනිස් ජිවිත මෙන්ම වන අලින්ගේ ජිවිත සදහා සීමාවක් නොමැත . මේ වන විට අලිමිනිස් ගැටුම  ශ්‍රිලංකාවේ දිස්ත්‍රික්ක 19 ක් තුල ප්‍රදේශීය ලේකම් කොට්ටාශ 131 ක් වෙලාගෙන සිටියි.

මේ ආකාරයෙන් අලිමිනිස් ගැටුම පවතින දිස්ත්රික අතුරින්  හම්බන්තොට දිස්ත්‍රික්කයේ  පමණක් 2010 වර්ෂයේ සිට 2017 වර්ෂය තුලදී අලි මිනිස් ගැටුම හේතුවෙන් වනජීවී දෙපාර්තමේන්තුවට වාර්තාවී ඇති තොරතුරු වලට පමණක්  මිනිස් ජිවිත 37 කුත් වන අලින්ගේ ජිවිත 33 කුත් අපට අහිමි වී ඇති බව වන ජීවී දෙපාර්ත මේන්තුව මගින් තොරතුරු දැනගැනීමේ පනත් මගින් ලබා ගත් තොරතුරු වලින් හෙළි වේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලිමිනිස් ගැටුම හේතුවෙන් පසුගිය දින කීපය තුල වැඩිම ඇල්බ හානි සිදුවී තිබුනේ සුරියවැව  ප්‍රදේශිය ලේකම් කොට්ටාශයට අයත්  මදුනාගල ,සිනිමෝදරයාය , පලුගස්වල ,ආඩිගම ,තැලවිල්ල ,රටපුහුල්වැව ,වල්සපුගල ,හබරත්තවල ,ඇතුළු ප්‍රදේශ තුලට වේ

මෙම ප්‍රදේශ  තුල පවුල් 3000 කට අධික ජනතාවක් වෙසෙන අතර ඔවුන්ගේ ප්‍රධාන අදායම් මාර්ගය කෘෂි  කර්මාන්තය වේ .මෙම ප්‍රදේශයන්හි ජනතාව .වී ගොවි තැන මෙන්ම ගොඩ බෝග   වගාවන්ද සිදු කරනු ලැබේ .නමුත් වන අලි උව දුර නිසා ඔවුන් ගේ වගාවන් හි නිසි පල නෙලා ගැනීමට නොහැකි වී තිබේ .වන අලින් නිසා ප්‍රදේශයේ ගොවීන්හට සිදුවන හානි දිනෙන් දින වැඩි වන බවයි ඔහුහු පෙන්වා දෙන්නේ .

මෙම දින වල  ප්‍රදේශයට ඇතුළුවී සිටින  වන අලි රංචුව ප්‍රදේශයේ කුඹුරු අක්කර 08කට අධික ප්‍රමාණයක්ද, කෙසෙල්, පොල්, තක්කාලි ඇතුළු බෝග වගාවන් රැසක්ද විනාශ කර දමා ඇතිබවයි ප්‍රදේශයේ ගොවි ජනතාව පෙන්වා දෙන්නේ .

පසුගිය දින කීපය පුරාවට වනජීවී දෙපාර්ත මෙන්තුවේ නිලධාරින් හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විසින් ප්‍රදේශයේ රැදී සිටමින් සූරියවැව මදුනාගල රක්ෂිත ප්‍රදේශයේ සිටින වන අලින් පලව හැරීමේ මෙහෙයුමක් ද සිදුකලත් ඉන් සිදුවුයේ අලි කුලප්පු වීම පමණක් බවයි ප්‍රදේශයේ ගොවින් පවසා සිටින්නේය.

''මයුරපුර ගොවි සංවිධානයේ යූ ඩී 18 – 48 ඉඩම මට තියෙන්නෙ. මයුරපුර ගොවි සංවිධානෙ යූ ඩී 18,19,20 ඉඩම් හෙක්ටයාර 180ක් තියෙනවා.  මේවා කුඹුරු ඉඩම්. දැන් අපි අසරණ තත්වයට පත් වෙලා ඉන්නෙ. අලි ඇවිත් හැමදාම හවසට කුඹුරු විනාශ කරනවා. කිසිම රජයේ නිලධාරියෙකුට මේවා ගැන වගකීමක් නෑ. මාධ්‍යයෙන් ප්‍රවෘත්තිවලට කියනවා අලි පන්නනවා කියලා. මාධ්‍යයේ බොරු දාන්න එපා. දානවනම් ඇත්ත දේ මාධ්‍යයේ දාන්න.''

'මේ කුඹුරු දැක්කම අපේ පපුව පිච්චිලා යනවා. අපි එළිවෙනකන් රෑ වෙනකන් අලි එළවනවා. ඒත් අපිට අලි ටික එළවගන්න බෑ. ඒ වුණාට ඇමතිතුමාලා වනජීවී නිලධාරීන් කියනවා අපි අලි එළවනවා කියලා. වනජීවී ඇමතිතුමාට කියනවා ඇවිල්ලා අපි ගැන බලන්න. මදුනාගල අලි පැන්නුවා කියලා මාධ්‍යෙය් දෙනවා. ඇවිත් බලන්න අලි ගිහිල්ලා ද ඉන්නවද කියලා. අපේ කුඹුරු ඔක්කොම විනාශ වෙලා දැන් අපිට  ජීවත් වෙන්න විදියක් නෑ. බැංකු ණය අරගෙන කුඹුරු කරනවා. අලි ඇවිත් කුඹුරු විනාශ කරනවා. අපි අසරණ තත්වයට වැටිලා ඉන්නෙ. අපේ පැත්තටවත් එක නිලධාරියෙක්වත් එන්නෙ නෑ. එක අලි වෙඩිල්ලක් නෑ අපිට. ඇමතිතුමාවත් ඇවිත් නෑ. අපිට සාධාරණයක් ඉටු කරලා දෙන ලෙස වන ලින් නිසා තම වගා විනාශ වූ ගුණපාල විතාරණ ගොවි මහතා කියා සිටියේය .

එක්කෝ අපි මරන්න නැත්නම් අලි මරන්න

 මේ සම්බන්දයෙන් අපට අදහස් දැක්වූ ප්‍රදේශයේ පැරණිතම ගොවි මහතෙකු වන මදුනාගල අලි සුමනේ නොහොත්  ඩී . වී .සුමනනන්ද මහතා .'' අපිට මේ වන අලි උවදුර තියෙන්නේ වසර ගනානාවක ඉදලා ගෙවී ගිය වසර 10 යක පමණ කාලය තුල ගොවිගේ ජිවිත පහක් විතර වන අලි ප්‍රහාර වලින් මියගියා .ඒ අතර අලිත් මැරුණා .මේ ප්‍රදේශවල ඉන්න ඔක්කොම ජනතාව මහවැලි ඉඩම් ලාබී කෘෂි කර්මයෙන් ජිවත්වන ජනතාව .අපිට කරන්න වෙනත් දෙයක් නෑ .මේ ප්‍රදේශයේ තිබෙන ගම්මාන 15 ක විතර පවුල් තුන්දාහක පමණ ජනතාවගෙන් සියයට අනුපහකට පමණ වේ වන අලි කරදර නිසා වගා විනාශ වෙනවා .හවස පහ හය විතර වෙනකොට පාරක යන්න බෑ මන බයෙන් තමයි ජීවත්වෙන්න සිදුවෙලා තියෙන්නේ . පසුගිය    දින කීපය තුල පොල් අක්කර 20 කට අදික ප්‍රමාණයක් පොල් ගස් 100 කට දික ප්‍රමාණයක් මෙන්ම කෙසෙල් වගාවන් කඹුරු  ඇතුළු තවත් බොහේ වගාවන් වන අලි විනාශ කළා මෙහෙ පසුගිය දිනවල මදුනාගල කරපු අලි මෙහෙයුම් වලින් වැඩක් නෑ එකෙන් උනේ අලි කුලප්පු උන එක විතරයි දැන්  මේ ප්‍රශ්නයේදී එක්කෝ අපි මරන්න ඕන නැත්නම් අලි මරන්න ඕන ''

සුලානි ශාමා මහත්මිය  මෙසේ අදහස් දැක්විය.

''මගේ කුඹුර අලි හත් දෙනෙක් විතර  පැනලා කාල තියෙනවා. අපි කුඹුරු කරන්නෙ බැංකුවලින් ණය අරගෙන. අපිට ණයවත් ගෙවා ගන්න විදියක් නෑ. පොඩි අයට කන්න දෙන්නෙ මේ කුඹුර කරලා. තව සති දෙක තුනකිත් අපිට ගොයම් ටික කපලා වී විකුණලා තමයි ණය ගෙවාගන්න තියෙන්නෙ. අපිට ණය ගෙවාගන්න විදියකුත් නෑ. මේ සඳහා රජයෙන් කිසිම දෙයක් කරන්නෙත් නෑ. අපිට අලි වෙඩිල්ලක්වත් දෙන්නෙත් නෑ. වනජීවී එක මේ පැත්තවත් බලන්නෙ නෑ. එයාලා වැරදිලා වත් එන්නෙ නෑ. කෝල් කළත් එයාලා ගනන් ගන්නෙ නෑ. මාධ්‍යයකින්වත් කිසිම පිළිසරණක් නෑ. අපිට දැන් ණය ගෙවාගන්න බැරුව රටට ණය කාරයො වෙන්න වෙලා තියෙන්නෙ. මේ ආණ්ඩුවෙන් මොනව හරි දෙයක් කරලා මේ අලි ටික මෙහෙන් පළවාහරින්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නෙ''

අවිදිමත් ඉඩම් පරිහරණය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වනාන්තර විනාශ කරමින් සිදුකරන අවිදිමත් ඉඩම් පරිහරණය තුලින් වාස භුමි අහිමි වන වන අලින් අහාර සොයා මේ කාරයෙන් ගම වදිමින්  තිබේ මෙම ගැටලුව සදහා යම් පිළිතුරක් ලෙස නම් කර ඇති යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කර ඒ තුල වන අලින් සදහා සුපොසන මධ්‍යස්ථානයක් ඇතිකිරීම තුලින් හම්බන්තොට පවතින මෙම අලි මිනිස් ගැටලුව සදහා යම් පිළිතුරක් ලැබෙන බවයි පරිසර වේදීන් පෙන්වා දෙයි එසේ නොකර ලක්ෂ ගණන් මුදල් වැය කරමින් අලි මෙහෙයුම් සිදුකිරීමෙන් පලක් නොමැති බවයි ඔහුහු පෙන්වා දෙන්නේය.

(රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විසදුමක් නොමැති අලි මිනි ගැටුම නිසා මදුනාගල ගොවියෝ අසරණ වෙති
විසදුමක් නොමැති අලි මිනි ගැටුම නිසා මදුනාගල ගොවියෝ අසරණ වෙති
http://am.lk/media/k2/items/cache/0a3ffada55e7b952d70cd2bb2503580a_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_735.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_735.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy