මෙරට සුළු ජන කොටස්වල අයිතීන් ඔවුන්ට නිත්‍යානූකූලව ලබා දීමට ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීම හෝ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම අවශ්‍ය බව හිටපු ජනාධිප...
මෙරට සුළු ජන කොටස්වල අයිතීන් ඔවුන්ට නිත්‍යානූකූලව ලබා දීමට ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීම හෝ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම අවශ්‍ය බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
ඊයේ (24) කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරිය මේ බව සඳහන් කළේය.
ජාතික සාම මණ්ඩල සමුළුව ඊයේ පෙරවරුවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත් විය.
රටේ එක් එක් ජන කොටසකට තමන්ගේ අයිතින් නොලැබී යෑම හේතුවෙන් විවිධ ගැටුම් ඇති වු බව ද පැවසු හිටපු ජනාධිපතිවරිය, 83 කළු ජූලිය පැවති කාලයේ දී ඇස් දෙකෙන්ම දෙමළ පුද්ගලයෙකු ගිනි තබන අයුරු දුටු බව පැවසීය.
රටේ ජීවත් වන සියලුම සෙසු ජන කොටස්වලට නීතියෙන් ඔවුන්ගේ අයිතීන් ලබා දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් හැකියාව හිමි විය යුතු බව ද හිටපු ජනාධිපතිවරිය කියා සිටියේය.
COMMENTS