ජනමාධ්‍යවේදීන්ගේ නිදහස සිය පාලන සමයේදී අහිමි වූවානම් ඊට එවක කැබිනට් මණ්ඩලයද වගකිව යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු...
ජනමාධ්‍යවේදීන්ගේ නිදහස සිය පාලන සමයේදී අහිමි වූවානම් ඊට එවක කැබිනට් මණ්ඩලයද වගකිව යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (24) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින්.
ආචාර්ය රාජා ධර්මපාල මහතා විසින් රචිත “භූපති දුටුගැමුණු ජනපති මහින්ද“ ග්‍රන්ථය දොරට වැඩුම අද පැපිලියාන සුනේද්‍රාදේවී පිරිවෙණේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.
තමන්ගේ ආණ්ඩුව පැවති කාලයේ දී මාධ්‍ය නිදහස නැති වුයේ නම් ඒ පිළිබඳ වත්මන් ජනාධිපතිවරයාත් දැන ගත යුතු බවත් උතුරට පවා ජනමාධ්‍ය නිදහස හිමි වු බව ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
වත්මන් ආණ්ඩුව විසින් සිදු කර ඇති මෙහෙවර පිළිබඳ ජනතාව හොඳින්ම දැනුවත් වී ඇති බවත් ඊටත් වඩා හොඳින් මාධ්‍ය ඒ පිළිබඳ දන්නා බවත් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්විය.
“මාධ්‍යවේදීන්ගේ නිදහස මගේ ආණ්ඩුව කාලේ නැති වුණා නම් එයත් වගකියන්න ඕනේ. ජන මාධ්‍ය දන්නවානේ මොකක්ද ඇත්ත කතාව කියලා. උතුරේත් ඕන තරම් නිදහස තිබුණා. මේ අවුරුදු තුනේදී පුලුවන්ද කළු ගග විවෘත කරන්න. මේ පටන් ගත්ත එකක් කියන්නකෝ අලුතෙන්.අවුරුදු 3න් කරා නම් මේක විශ්ව කර්ම වැඩක්නේ. මොරගහකන්දත් හදලා. මේකත් කරන්න. මේවා නිකන් මේ විහිලු. අයියෝ හරියට කරලා තියෙනවා. හොඳට කරලා තියෙනවා. මම මුකුත් කොරලා නැහැ. මේ ආණ්ඩුවෙන්නේ ඔක්කොම කරලා තියෙන්නේ. මට වඩා හොදට ජනතාව දන්නවා. ජනතාවට වඩා හොඳට මාධ්‍ය දන්නවා මොකක්ද වෙලා තියෙන්නේ කියලා.”
COMMENTS