දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කුඩු පාතාලයේ මහ කෙරුමන් දෙන්නා වූ හරක් කටායි කුඩු සළිඳුයි මැඩගස්කරයේදී අල්ලයි! ඇවිත් තියෙන්නේ ප්‍රයිවට් ජෙට් එකකින්! මිලියන 32ක සල්ලිත් තිබිලා!
Homeප්‍රවෘත්ති

කුඩු පාතාලයේ මහ කෙරුමන් දෙන්නා වූ හරක් කටායි කුඩු සළිඳුයි මැඩගස්කරයේදී අල්ලයි! ඇවිත් තියෙන්නේ ප්‍රයිවට් ජෙට් එකකින්! මිලියන 32ක සල්ලිත් තිබිලා!

PropellerAds

මෙරට මත්කුඩු ජාවාරමේ ඉහළින්ම සිටින ප්‍රබල පාතාල අපරාධකරුවන් දෙදෙනෙක් වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සහ සළිඳු මල්ෂිත ගුණරත්න න...

ෆුල්ෆේස් වාරණය දීර්ඝ කරයි
මහින්දගේ හිටපු ලේකම්ට රට යන්න අවසර (VIDEO)
තාජුඩීන් ඝාතනය: ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඇමතුම් ඇවිත්
මෙරට මත්කුඩු ජාවාරමේ ඉහළින්ම සිටින ප්‍රබල පාතාල අපරාධකරුවන් දෙදෙනෙක් වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සහ සළිඳු මල්ෂිත ගුණරත්න නොහොත් කුඩු සළිඳු ඇතුළු 08 දෙනකු මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ විසින් ඉකුත්දා (01) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම ගැන මැඩගස්කරයේ ප්‍රධාන මාධ්‍ය ජාලයක් වන L’EXPRESS වෙබ් අඩවිය ඊයේ (06) වාර්තාකර ඇති ආකාරයට අනුව මොවුන් 08 දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මැඩගස්කරයේ ඉවාටෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදීය. ඒ අය අතර හරක් කටාගේ බිරිඳ බව කියන තැනැත්තියක්ද සිටින බවයි. එම වෙබ් අඩවිය වාර්තාකර ඇති ආකාරයට අනුව ඇය මැලගාසි ජාතික තැනැත්තියකි.

මෙම වෙබ් අඩවිය වාර්තාකරන ආකාරයට අනුව හරක් කටා ඇතුළු 05 දෙනෙක් පසුගිය පෙබරවාරි 12 වෙනිදා එරට “නොසි බි” ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇතැයි පැවසෙන්නේ පෞද්ගලික ජෙට් යානයකිනි. පසුදින මේ අය අභ්‍යන්තර ගුවන් යානයකින් එරට ඇන්ටනානාරිවෝ ගුවන්තොටුපොළට පැමිණ ඇති බවද එහි සඳහන්ය. පසුගිය 01 වෙනිදා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන් නැවත මැඩගස්කරයෙන් පිටව යාමේදී බව එරට මාධ්‍ය වාර්තාවලට අනුව පෙනී යයි.

අත්අඩංගුවට ගන්නා විට හරක් කටා පෙනී සිට ඇත්තේ සුපිරි ධනවතෙක් ලෙසිනි. ඔහු නිල්පැහැති යුරෝපීය ඇඳුමකින් සැරසී සිට ඇත. ව්‍යාපාරික සංචාරයක් ලෙස ඔහු එරටට ඇතුළු වී ඇති බවද පෙනී ගොස් තිබේ. කුඩු සළිඳු ඇතුළු සෙසු පිරිස හරක් කටාගේ සහායකයින් මෙන්ම ආරක්ෂකයින් ලෙස පෙනී සිට ඇත.

ශ්‍රී ලංකාවේ අධිකරණ මගින් ලබාගත් නියෝග හා පොලිස් වාර්තාවන්ට අනුව ජාත්‍යන්තර පොලිසිය මඟින් හරක් කටා සහ කුඩු සළිඳු ඇතුළු පාතාලයේ අපරාධකරුවන්ට එරෙහිව රතු නිවේදන නිකුත්කර තිබී ඇත. ඒ මිනිස් ඝාතන, මත්කුඩු ජාවාරම සහ ආවි ආයුධ ජාවාරම් සම්බන්ධයෙනි.

මෙහිදී මැඩගස්කර ආරක්ෂක අංශ විසින් ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදනයට අනුව පැහැදිලිවම හඳුනාගෙන ඇත්තේ හරක් කටාව පමණි. කුඩු සළිඳුව හඳුනාගෙන ඇත්තේ ප්‍රශ්න කිරීම් හා විමර්ශන ඔස්සේ බව කියැවෙයි.

මැඩගස්කරයට පැමිණි හරක් කටා ඇතුළු පිරිස ඉවාටෝ සහ අම්බෝහිමංගකේලි හි පිහිටි සුඛෝපභෝගි හෝටල්වල නවාතැන් ගෙන සිට ඇති බවද අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ විමර්ශනවලින් හෙළිවී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. එම හෝටල්වල ඇති ආරක්ෂක කැමරා දර්ශනවලට අනුව ඔහුගේ හැසිරීම් ගැන මෙන්ම තවත් බොහෝ දේවල් ආරක්ෂක අංශ මේ වන විට නිරීක්ෂණය කරමින් විමර්ශන පවත්වන බව සඳහන්ය.

ඉවාටෝ ගුවන්තොටුපොළ වෙත හෝටලයේ සිට හරක් කටා ඇතුළු පිරිස පැමිණ ඇත්තේ සුඛෝපභෝගි මෝටර් රථ දෙකක නැඟී බවද එම රථවල වර්ගයන්ද සමඟ එරට මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

එම මාධ්‍ය වාර්තාවලට අනුව මෙම පිරිස සම්බන්ධයෙන් ඇස ගසාගෙන සිට අවසානයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුවන්ගේ සියලුම ජංගම දුරකතන මෙන්ම ඔවුන් ගුවන්තොටුපොළට පැමිණි වාහනද සමඟිනි. හරක් කටාගේ බිරිඳ බවට පෙනී සිටින කාන්තාව සතුව තිබී එරට මුදල් මිලියන තිස් දෙකක් ද තිබී සොයාගෙන තිබේ. එම මුදල් රාජසන්තක කළ බවද එරට මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

එම මාධ්‍ය වාර්තාවල සඳහන්ව ඇති ආකාරයට අනුව හරක් කටා ඩුබායි, මලයාසියාව, සිංගප්පූරුව, සීෂෙල්ස්, මාලදිවයින සහ මැඩගස්කරය යන රටවල මත්කුඩු බෙදා හරින බවය. හරක් කටා ඇතුළු පිරිස ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිත බවද එම මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

හරක් කටා, කුඩු සළිඳු ඇතුළු අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර මෙරට තවත් මත්කුඩු ජාලයට සම්බන්ධ පිරිසක් සිටින බවට තොරතුරු නිල නොලත් මෙරට ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ඇත. එහෙත් මෙම අත්අඩංගුවට ගැනීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජත්‍යන්තර පොලිස් ශාඛාවට නිල වශයෙන් ලැබී තිබුණේ නැත. හරක් කටා සහ කුඩු සළිඳුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන ලබාගැනීමට කටයුතු කළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට පවා මේ ගැන තොරතුරු ලැබී තිබුණේ නැත. මේ ගැන කළ විමසුමකදී වගකිවයුතු උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ ජාත්‍යන්තර පොලිසිය ඔස්සේ මෙම අත්අඩංගුවට ගැනීම ගැන මැඩගස්කරයෙන් තොරතුරු විමසා බලා මෙම අත්අඩංගුවට ගැනීම ගැන කරුණු තහවුරුකර ගන්නා බවය.

එම කරුණු තහවුරුකර ගැනීමෙන් අනතුරුව එරට සමඟ නිල වශයෙන් සාකච්ඡා පවත්වා සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවද එම නිලධාරියා කීය. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට මෙන්ම රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් එරටට යැවීමට පවා එහිදී සිදුවනු ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙයට පෙරත් හරක් කටාව ජාත්‍යන්තර පොලිස් රතු නිවේදනයකට අනුව ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගත්තේය. ඒ 2022 වසරේ අගෝස්තු 11 වෙනිදාය. ඩුබායි සිට මලයාසියාව බලා යාමට ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගත්තේය. එම අවස්ථාවේදීද ඔහු සමඟ කුඩු සළිඳු සිටි අතර ඔහු ඒ වන විට රැඳී සිට ඇත්තේ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකිනි. එසේම හරක් කටාගේ බිරිඳ බව සඳහන් කාන්තාවක්ද එදාත් ඔහු සමඟ රැඳී සිටියේය.

එදා හරක් කටාව ඩුබායි ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගන්නා විට ඔහු භාවිතකරමින් සිටියේ එම්. 6692136 අංකය දරන විදෙස් ගමන් බලපත්‍රයයි. හේරත් දිසානායකගේ රොෂාන් ඉසංක නමින් සකස්කර තිබුණු විදෙස් ගමන් බලපත්‍රකින් පෙනී සිටි හරක් කටාව එසේ අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන්නේද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් එම විදෙස් ගමන් බලපත්‍ර අංකය හඳුනාගෙන ජාත්‍යන්තර පොලිසියට කර තිබුණු දැනුම් දීමකට අනුවය. එසේ අත්අඩංගුවට ගත් හරක් කටාව මෙරටට පිටුවහල්කර ගැනීමට අවශ්‍ය වූ නීතිමය කරුණු නිසි ලෙස සම්පූර්ණ කිරීමට නොහැකි වූ බැවින් ඩුබායි පොලිසිය ඔහුව ඔක්තෝබර් 03 වෙනිදා නිදහස්කර තිබුණි.

ගයාන් කුමාර වීරසිංහ!


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කුඩු පාතාලයේ මහ කෙරුමන් දෙන්නා වූ හරක් කටායි කුඩු සළිඳුයි මැඩගස්කරයේදී අල්ලයි! ඇවිත් තියෙන්නේ ප්‍රයිවට් ජෙට් එකකින්! මිලියන 32ක සල්ලිත් තිබිලා!
කුඩු පාතාලයේ මහ කෙරුමන් දෙන්නා වූ හරක් කටායි කුඩු සළිඳුයි මැඩගස්කරයේදී අල්ලයි! ඇවිත් තියෙන්නේ ප්‍රයිවට් ජෙට් එකකින්! මිලියන 32ක සල්ලිත් තිබිලා!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhYfP6bu3TQxxbvT9TYIasf0HXp-O2vdWFSdtWuWZa89xOUMqvm8wRZbcRARnPlZX5PVwsU2NZgT_SJqyEft7eiWg7UxdrDqLNagy3auPeMStOz0VdeOi85zNZKXVDfqHBwAwMLJJ4qR_qrJVtye6pUGXBNMFXXcIWVGuEUu7Z7wTN6TyBqmzPDOg/w320-h173/HARAK-KATA.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhYfP6bu3TQxxbvT9TYIasf0HXp-O2vdWFSdtWuWZa89xOUMqvm8wRZbcRARnPlZX5PVwsU2NZgT_SJqyEft7eiWg7UxdrDqLNagy3auPeMStOz0VdeOi85zNZKXVDfqHBwAwMLJJ4qR_qrJVtye6pUGXBNMFXXcIWVGuEUu7Z7wTN6TyBqmzPDOg/s72-w320-c-h173/HARAK-KATA.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/03/32.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/03/32.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy