දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උතුම් දළදා මාලිගාව ගැන නිහාල් ෆර්ඩිනැන්ඩ් කරපු වෛරී කතා ගැන වහාම විමර්ශනයක් කරන්න! කොළඹ මන්ත්‍රිනියගෙන් පොලිස්පතිට පැමිණිල්ලක් එයි!
Homeප්‍රවෘත්ති

උතුම් දළදා මාලිගාව ගැන නිහාල් ෆර්ඩිනැන්ඩ් කරපු වෛරී කතා ගැන වහාම විමර්ශනයක් කරන්න! කොළඹ මන්ත්‍රිනියගෙන් පොලිස්පතිට පැමිණිල්ලක් එයි!

PropellerAds

දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතාගේ හිටපු පෞද්ගලික සහකාර නිහාල් ෆර්ඩිනැන්ඩ් නැමැති පුද්ගලයකු දළදා මාළිගාව සහ රටේ ප්‍රභූ චරි...

ඇමති රිෂාඩ්ගේ සහෝදරයා බලය අතට ගනියි - ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට තර්ජන !
මිනුවන්ගොඩ කේස් එකට සම්බන්ධ නැති අයත් රිමාන්ඩ් කරලා !
බුර්කාව-නිකාබය තහනම් කරයි.. යෝජනාව මුස්ලිම් මන්ත‍්‍රීවරයකු ස්ථීර කරයි
දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතාගේ හිටපු පෞද්ගලික සහකාර නිහාල් ෆර්ඩිනැන්ඩ් නැමැති පුද්ගලයකු දළදා මාළිගාව සහ රටේ ප්‍රභූ චරිත සම්බන්ධයෙන් කර ඇති අශෝභන, අසත්‍ය අපහාසාත්මක, අපවාදාත්මක සහ උපහාසාත්මක සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

කොළඹ මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී ශර්මිලා ගෝනවෙල මහත්මිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට තිබේ.

එම ලිපිය පහත පළවේ.

12.2.2023

පොලිස්පති
පොලිස් මූලස්ථානය,
කොළඹ 01.

පොලිස්පති තුමනි ,

පුද්ගලයෙකු විසින් සමාජ මාධ්‍ය වෙත කරන ලද වෛරී ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිල්ලකි.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතාගේ ලේකම්/පෞද්ගලික සහකාර යැයි කියා ගන්නා අයෙක් වර්ෂ 2023 ක් වූ පෙබරවාරි මස 10 වන දින හෝ එයට ආසන්න දිනයකදී ප්‍රකාශ දෙකක් කරමින් ජාතික සහ ජාත්‍යන්තර සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයන් අතර ප්‍රචලිත කර ඇත.

විමර්ශන කටයුතු සඳහා මම මෘදු පිටපත සහ පණිවිඩවල සබැඳි මේ සමඟ අමුණමි.
ඉහත කී පුද්ගලයාගේ වෛරී ප්‍රකාශය සත්‍ය හෝ අසත්‍ය දැයි තහවුරු කරගැනීමට පමණක් නොව, අශෝභන,අසත්‍ය අපහාසාත්මක, අපවාදාත්මක සහ උපහාසාත්මක කරුනු මාගේ මෙන්ම සුවහසක් ජනතාවගේ භක්තිය ,ගෞරවය හා විශ්වාසය ඇති වන්දනීය දළදා මාළිගයට හා ත්‍රෛනිකායක හිමිවරුන්ට අපහාස කිරීමට සහ ඔවුන්ගේ චරිතයන්ට මඩ ගැසීමෙන් හා අපකීර්තියට පත් කිරීමේ ද්වේෂ සහගත චේතනාවෙන් සිදු කර ඇති බව මාගේ විශ්වාසයයි. ඔහු පුන පුනා වෛරීව ප්‍රකාශ කරමින් තහවුරු කිරිමට උත්සාහ ගන්නේ දළදා මාලිගාවට ලැබන්නාවු ගෞරවය , සහා බෞද්ධ ආගම ප්‍රචලිත කිරිමට ලෑබෙන්නාවු ආධාර අඩාල කිරිමටද යන සැකය මාහට ඇතිවුනි. මා හට මොහු පිලිබදව කිසිදු විස්තරයක් නොමැති නමුත් මෙම වීඩියෝ දෙක ඔබට මෙම පුද්ගලයා සොයා ගැනීමට නිසැකවම උපකාරී වනු ඇත.

මා හට ලැබී ඇති නීති උපදෙස් අනුව ඉහතකී ප්‍රකාශ වෙනත් නීතීන් අතර:
2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතේ 3(1) වගන්තිය යටතේ;
ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය;
ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 290(අ) වන වගන්තිය;
ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 291(අ) වන වගන්තිය;
ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 291(ආ) වන වගන්තිය;
උල්ලංඝනය කිරීමක් හා එකී වගන්ති යටතේ යටතේ දරුණු අපරාධ හා දඬුවම් ලැබිය හැකි වරදවල් වේ.

කරුණු එසේ හෙයින්, යහපාලනය සහ අපගේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය පිළිබඳ මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා විනිවිදභාවයෙන් හා විවෘතභාවයෙන් යුතුව මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කර ඉහත තැනැත්තා හා ඔහු පිටුපස සිටින අනෙකුත් පුද්ගලයන් සම්බන්ධයෙන් අපරාධ නීතිය නොපමාව ක්‍රියාත්මක කර; ඔවුනට දඬුවම් ලබාදීමට පියවර ගන්නා ලෙසත්;

ඉහත තැනැත්තන්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබාගන්නා ලෙසත්; මෙයින් ඔබට පැමිණිලි කරනු ලැබේ.

මේයට
විශ්වාසි

ශර්මිලා ගෝනවෙල
නාගරික මන්ත්‍රී කොළඹ මහා සභාව
0772649652
Sgonawela@gmail.com
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උතුම් දළදා මාලිගාව ගැන නිහාල් ෆර්ඩිනැන්ඩ් කරපු වෛරී කතා ගැන වහාම විමර්ශනයක් කරන්න! කොළඹ මන්ත්‍රිනියගෙන් පොලිස්පතිට පැමිණිල්ලක් එයි!
උතුම් දළදා මාලිගාව ගැන නිහාල් ෆර්ඩිනැන්ඩ් කරපු වෛරී කතා ගැන වහාම විමර්ශනයක් කරන්න! කොළඹ මන්ත්‍රිනියගෙන් පොලිස්පතිට පැමිණිල්ලක් එයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiy5gXCFjjYT-Ru2nCmo8ijXHc5APm8sC3YetbipPQMTBuRrhX1EdxfQEsrPBz6rN4IZTnekosN2xsPTi2vs5OWpcxOn5-H6RLikGYBGEElqtGVsbAB791ZoMtCNJGRiZ7jr4Rjoqg5TsWF8MmO7pOHAp2TzOuxz00NZw1FkrM1fnVwDUNFGNcAEQ/s320/NIHAL-FERDINAND.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiy5gXCFjjYT-Ru2nCmo8ijXHc5APm8sC3YetbipPQMTBuRrhX1EdxfQEsrPBz6rN4IZTnekosN2xsPTi2vs5OWpcxOn5-H6RLikGYBGEElqtGVsbAB791ZoMtCNJGRiZ7jr4Rjoqg5TsWF8MmO7pOHAp2TzOuxz00NZw1FkrM1fnVwDUNFGNcAEQ/s72-c/NIHAL-FERDINAND.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/02/blog-post_89.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/02/blog-post_89.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy