මි නුවන්ගොඩ නගරයේ ඇතිවුණු කලහාකාරී සිදුවීම් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් අතර එම කලහාකාරී සිදුවීම්වලට කි...
මිනුවන්ගොඩ නගරයේ ඇතිවුණු කලහාකාරී සිදුවීම් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් අතර එම කලහාකාරී සිදුවීම්වලට කිසිසේත්ම සම්බන්ධ නැති කිහිප දෙනෙක් සිටින බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි වාර්තා වේ. ඉදිරි නඩු දිනයේ දී ඒ අය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකර මුදා හැරීමට අවශ්‍ය පියවර ගැනීමට පොලිසිය සූදානම්වන බවද මේ අතර වාර්තා වේ.
මේ අතර, උසස් පොලිස් නිලදාරියකු මාධ්‍යට පවසා ඇත්තේ මිනුවන්ගොඩ ගිනි තැබූ සැබෑ අපරාධකරුවන් මේ වන විට හෙළි වී ඇති බවත් ළඟදීම ඔවුන්ව අත්අඩංගුවට ගන්නා බවත්ය.
ඒ අය අතර විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිකයෙක් සිටින බවද ඔහු හෙළිකර තිබේ.
මිනුවන්ගොඩ ගිනි තැබීමට ජනතාව මෙහෙයවන ලද්දේ ඔහු බවට තොරතුරු රැසක් හෙළිවෙමින් ඇතැයි ද එම නිලධාරියා වැඩි දුරටත් කියා තිබේ.

COMMENTS