කැඳවා ඇති පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද මැතිවරණ කොමිෂන් සභාවේ දී පැවැත්වීමට නියමිතව තිබේ. මේ සඳහා සියලු දේශපා...
මැතිවරණය නියමිත දිනට පැවැත්වීමට එල්ල වී ඇති බාධක හා ඒවා විසඳා ගැනීමට ගන්නා ක්‍රියාමාර්ග මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙන තෙක් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අත්හිටු බව ඊයේ රජයේ මුද්‍රණාලය විසින් මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම්දී තිබේ.
ඒ අනුව පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම කල් දමන්නේ දැයි මෙම සාකච්ඡාවේදී තීරණය කිරීමට නියමිතව තිබේ. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ද මෙම සාකච්ඡාව සඳහා කොමිසම හමුවට කැදවා ඇත.
රජයේ මුද්‍රණාලය දැනටමත් දන්වා ඇත්තේ මුදල් නොගෙවන්නේ නම් තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කළ නොහැකි බවයි.
මේ වන විට මැතිවරණය සඳහා ඉල්ලන ලද මුදල් මහා භාණ්ඩාගාරයෙන් මැතිවරණ කොමිසමට මුදාහැරීමට කටයුතු කර නැත.
-lankacnews

COMMENTS