දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහ බක වචවට සමබනධ මතපන සමගමක ලක බකවන හ මහජන බකවන එකම ඇපකරය තබ වටනකම මන කප ගණයක ණය අරන!
Homeප්‍රවෘත්ති

මහ බක වචවට සමබනධ මතපන සමගමක ලක බකවන හ මහජන බකවන එකම ඇපකරය තබ වටනකම මන කප ගණයක ණය අරන!

PropellerAds

‘එක්තරා මත්පැන් සමාගමක්, මහ බැංකු වංචාවට සම්බන්ධ වෙච්ච සමාගමක් ලංකා බැංකුවෙන් ගත්ත ණයක්, මහජන බැංකුවෙන් ගත්ත ඇපකරයට තිබ්බේ එකම එකම දේපල ඒ ...

යාපනයේ ඡන්ද රැස්‌වීමකදී කොටි ගීත වාදනය කරලා
ධාවනය වෙමින් තිබූ දුම්රියක් චාවකච්චේරියේදී ගිනි ගනී (VIDEO)
හිටපු ඇමැති විජේදාසගේ ආරක්ෂාව අඩු කරයි
‘එක්තරා මත්පැන් සමාගමක්, මහ බැංකු වංචාවට සම්බන්ධ වෙච්ච සමාගමක් ලංකා බැංකුවෙන් ගත්ත ණයක්, මහජන බැංකුවෙන් ගත්ත ඇපකරයට තිබ්බේ එකම එකම දේපල ඒ දේපල වටිනාකම වගේ කීප ගුණයක ණය අරන් තියෙනවා’ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. 
ඒ මහතා මේ බව පවසා සිටියේ පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ මුදල් කාරක සභාවේදී අනුමැතිය හිමිවූ ‘පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත’ පිළිබඳ හා දුෂණ විරෝධී පනත පිළිබඳ (20) දින පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයේ අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

“ආණ්ඩුවට දැන් සිද්ධ වෙලා තියෙනවා බලගතු ආර්ථික ප්‍රතිසංස්කරණයක් කරගෙන යන්න. ඒ ප්‍රතිසන්ස්කරණයේදී මුදල් අමාත්‍යංශය පිළිබඳව තියෙන විශ්වාසනීයත්වය ඉතාම අවශ්‍යයි. විශේෂයෙන්ම ජාත්‍යන්තර අරමුදලට පොරොන්දු වෙලා, නො කරපු දේවල් පිළිබඳව වාර්තාවක් පළ කළා. එයින් එකක් තමයි, කැසිනෝ බදු පිළිබඳ වෙච්ච බදු අනුමත නොකිරීම. මුදල් අමාත්‍යංශය ජනවාරි 30 පොරොන්දු වෙලා තියෙනවා සැප්තැම්බර් 10 වෙනකොට කැසිනෝ නියාමනය පිළිබඳ පනතක් අනුමත කරලා ක්‍රියාකරන බවට. නමුත් ඒක අඩු ම ගානේ කැබිනට් මණ්ඩලයටවත් ඉදිරිපත් කරලා නෑ. කැසිනෝ 4 යි තියෙන්නේ. ඒ හතරවත් නියාමනය නොකර තවත් කැසිනෝ 7 ට අනුමත අනුමැතිය දෙන්න යනවා. මම මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලා හිටිනවා කැසිනෝ නියාමනය පිළිබඳ පනත වහාම පාර්ලිමේන්තුවට ගෙනල්ලා අනුමත කරන්න කියලා.

මේ අවුරුදු 28 ට කැසිනෝ වලින් ඩොලර් 100 ක මුදල අය කරලා නැහැ. නමුත් මැයි මාසේ අය කරලා තියෙනවා. ගාණ කීයද? බිලියන 72 යි. බිලියන 72 බෙදුවහම ඩොලර් 100 න් උත්තරය 2000 යි. 2000 කැසිනෝ හතරෙන් බෙදුවහම 600 යි උත්තරේ. ඒක දින 30 න් බෙදුවහම 20 යි උත්තරේ. ඒ කියන්නේ එක දවසකට මේ කැසිනෝ එකට ඇතුල් වෙලා තියෙන පිරිස 20 දෙනයි. ඒ 20 දෙනා ඉන්න කැසිනෝ එකට තමයි තව බලපත්‍ර 7 ක් දෙන්න යන්නේ. එක්කෝ ඒ ඉදිරිපත් කරලා තියෙන දත්තය වැරදියි. එහෙමත් නැත්නම් මේ කරන්න යන දේ වැරදියි. ඒ නිසා මුදල් අමාත්‍යාංශයේ, වෘත්තීයවේදීන් සහ අනෙක් අය පසුපස හඹා යනවා වෙනුවට අතේ තියන බදු ටික එකතු කර ගන්න අවංක වෙන්න. දත්ත සේවාවන් එහෙම නැත්නම් ඩිජිටල් සේවාවන් වලට කිසිම බද්දක් අය වෙන්නේ නැහැ.

අද මේ රටේ Uber, Facebook ක්‍රියාත්මක වෙනවා. තවත් ඩිජිටල් සේවාවන් ගණනාවක් ක්‍රියාත්මකයි. හැබැයි තඹ දොයිතුවක බද්දක් මේ වගෙන් අය වෙන්නේ නැහැ. අපි ඉල්ලා හිටිනවා පසුගිය යහපාලන ආණ්ඩු කාලේ ගෙනාපු ඩිජිටල් සේවා පිළිබඳ පනත හැකි ඉක්මනින් ගෙන්න කියලා. තවත් බරපතළ ප්‍රශ්නයක් වෙලා තියෙන සීනි බදු වංචාව ගැන කමිටුවෙන් වාර්තාවක් කැඳෙව්වා. අනුර යාපා ඇමතිතුමා, ඒ වාර්තාව මේ සභාගත කළා. විගණකාධිපතිතුමා වාර්තාවක් දුන්නා. ඒ වාර්තාවෙන් 2020 ඔක්තෝබර් 14 සිට 2021 දක්වා අහිමි වූ බදු මුදල මිලියන 16,763 කියලා. ඒ කාලේ පට්ට ගහපු මහ බැංකු වංචාවට වඩා විශාල වංචාවක් මේ බදු වංචාව. මුදල් අමාත්‍යංශයට අද වෙනකම් කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ. මේ මිලියන 16,000 න් 45% ක්ම එක සමාගමක්. අනෙක් ඒවා සමාගම් 6 ක්. මේ බලගතු සමාගම් වලට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතුව මුදල් අමාත්‍යංශය සාමාන්‍ය මිනිසුන්ට බදු ගහන එක පිළිබඳව මුදල් අමාත්‍යංශයේ විශ්වාසනීයත්වය බිඳවැටෙනවා.

ඉස්සරහට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න යනවා. රටේ වැඩකරන ජනතාවගේ, EPF, ETF එකට සහ බැංකු පද්ධතියට මේක බලපානවා. බැංකු පද්ධතියට අයකර ගැනීමට නොහැකි වූ ණය වල ගණන කීයද? පසුගිය මාර්තු 31 වෙනිදට බිලියන 1350 යි. බිලියන 1350 යි කියන්නේ එකේ ආදායමට සමාන ගාන. ප්‍රතිශතයක් හැටියට 13% යි. වෙනත් රටවල මේ ගාන කීයද? ඉන්දියාවේ 5.8% යි. මැලේසියාවේ 1.8% යි. තායිලන්තයේ 3.1% යි. පකිස්ථානයේ 8% යි. තැන්පත්කරුවන්ගේ සල්ලි වංචනික ව්‍යාපාරිකයන් කීප දෙනෙක් අතට ගිහිල්ලා කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන ඉන්නවා.

පාර්ලිමේන්තුවේම හෙළිදරව් වෙච්ච කරුණු අනුව එක්තරා මත්පැන් සමාගමක්, මහ බැංකු වංචාවට සම්බන්ධ වෙච්ච සමාගමක් ලංකා බැංකුවෙන් ගත්ත ණයක්, මහජන බැංකුවෙන් ගත්ත ඇපකරයට තිබ්බේ එකම එකම දේපල ඒ දේපල වටිනාකම වගේ කීප ගුණයක ණය අරන් තියෙනවා දෙකම එක්කහු කරාට පස්සේ රුපියල් බිලියන 7 ක පොල්ලක් අද ලංකා බැංකුවට, මහජන බැංකුවට තියලා තියෙනවා. මොකක්ද අරන් තියෙන පියවර? පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීලා හිටපු මන්ත්‍රීලා ඇමතිලා ඉන්නවා මේක පිටිපස්සේ. හොඳ බෙන්ස් රථවල යනවා. කොළඹ හතේ ජීවත් වෙනවා. හැබැයි අහිංසක තැන්පත්කරුවන්ගේ සල්ලි වලින් නැටිල්ල නටන්නේ.

මුදල් අමාත්‍යාංශයට වගකීමක් තියෙනවා මේ බැංකු පද්ධතිය ස්ථාවර කරන්න නම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න කලින් මේ අක්‍රමික ණය කඩිනම් එකතු කර ගැනීමට කටයුතු කිරීම. සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ, පනත යටතේ, දේපළ ජනසතු කරනවා නම්, දේපළ අත්පත් කරගන්නවා නම්, බිලියන 1350 ක් ගෙවලා නැති ජාවාරම්කාර පන්තියට ඒ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි කියන එක ගැන මුදල් අමාත්‍යංශය උත්තර දෙන්න ඕනේ. 2022.12.31 ආදායම් බදු දෙපාර්තමේන්තුව එකතු නො කරපු බදු ප්‍රමාණය බිලියන 904 යි. ගිය අවුරුද්දේ වැටුප් ගෙවන්න කීයද ගිය? බිලියන 950 ක්. විශ්වාසනීයත්වය ඇති කරගන්න නම් මේ බදු අයකරගෙන පෙන්නන්න ඕනේ.”

– Media unit


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29282,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහ බක වචවට සමබනධ මතපන සමගමක ලක බකවන හ මහජන බකවන එකම ඇපකරය තබ වටනකම මන කප ගණයක ණය අරන!
මහ බක වචවට සමබනධ මතපන සමගමක ලක බකවන හ මහජන බකවන එකම ඇපකරය තබ වටනකම මන කප ගණයක ණය අරන!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjnglvF15NIhHcoc568ngzwGcuTpEppn9eBNW1-vSxmVPgxxuO7MO7g4KNCBQPIK64hkML6-cC0oj0grxKzaZ5Rkm_xaZdDZtKLZNiow92vhB2EqU2SmLaUR_2hYJ06qou4E_YA9UqAconbgZFDuV2vi6oabsDWbEB9lq8gDXoX4lC61k9Wz7K1QQ9D/s320/boc.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjnglvF15NIhHcoc568ngzwGcuTpEppn9eBNW1-vSxmVPgxxuO7MO7g4KNCBQPIK64hkML6-cC0oj0grxKzaZ5Rkm_xaZdDZtKLZNiow92vhB2EqU2SmLaUR_2hYJ06qou4E_YA9UqAconbgZFDuV2vi6oabsDWbEB9lq8gDXoX4lC61k9Wz7K1QQ9D/s72-c/boc.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/06/blog-post_42.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/06/blog-post_42.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy