බුදුහාමුදුරුවෝ පවා ඖෂධයක් හැටියට පාවිච්චි කරල තියෙනවා කංසා‘ යනුවෙන් රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය අසමසම සම්මා සම්බුද...
බදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනය අන්තර්ගත සූත්‍ර – විනය – අභිධර්ම යන තුන් පිටකයේ හෝ අටුවා ග්‍රන්ථ – ගැටපද ග්‍රන්ථ – ටීකා ග්‍රන්ථ – ටිප්පණි ග්‍රන්ථ ආදී ථෙරවාද සම්ප්‍රදායේ ඉපැරැණි කිසිදු ධර්ම ග්‍රන්ථයක අංශු මාත්‍ර වචනයකින් හෝ එකී කරුණු ඔප්පු කළ නොහැකි බව ද එහි සදහන් වේ.
ගඤ්ජා(ගංජා), විජයා, තෛලෝක්‍යවිජයා, සිද්ධි, පිත්තා, ග්‍රාහිණී, පාචනී ආදී වශයෙන් සංස්තෘත භාෂාවෙන් කංසා හැදින් වෙන බවත්, භාංගා, භාං යනුවෙන් හින්දි භාෂාවෙන් ද, ගංජා, භාංග්, සිද්ධි වනුවෙන් බෙංගාලි භාෂාවෙන් ද, පංගී, කන්ජා යනුවෙන් ද්‍රවිඩ භාෂාවෙන් ද කංසා හැදින් වුවත් පාලි භාෂාවෙන් එකී වචන හෝ ඒ හා සමාන වචන හෝ නොමැති බවත් උන්වහන්සේ පවසති.
ඊට හේතුව වන්නේ කිසිදු ඉපැරැණි පාලි ග්‍රන්ථයක කංසා සම්බන්ධ කිසිදු වචනයක් හෝ සිද්ධියක් සදහන් නොවීම බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.
මන්ත්‍රී වරප්‍රසාද භුක්ති විදිමින් ඩයනා ගමගේ මෙසේ බුදුරජාණන් වහන්සේට හා ධර්ම විනයට කරනු ලබන නිග්‍රහ, අපහාස, විකෘති කිරීම් වැළැක්වීම සදහා පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවද එම සංදේශයේ වැඩිදුරටත් දක්වා තිබේ.
බුදුහාමුදුරුවෝ පවා ඖෂධයක් හැටියට පාවිච්චි කරල තියෙනවා කංසා‘ යනුවෙන් රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය අසමසම සම්මා සම්බුදු රජාණන් වහන්සේ විෂයෙහි නිගා කරන, බුද්ධ චරිතය විකෘති කරන අතිශය සාවද්‍ය ප්‍රකාශයක් බව රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ ජනාධිපතිවරයාට සංදේශයක් යොමු කරමින් පවසා සිටිති.ගඤ්ජා(ගංජා), විජයා, තෛලෝක්‍යවිජයා, සිද්ධි, පිත්තා, ග්‍රාහිණී, පාචනී ආදී වශයෙන් සංස්තෘත භාෂාවෙන් කංසා හැදින් වෙන බවත්, භාංගා, භාං යනුවෙන් හින්දි භාෂාවෙන් ද, ගංජා, භාංග්, සිද්ධි වනුවෙන් බෙංගාලි භාෂාවෙන් ද, පංගී, කන්ජා යනුවෙන් ද්‍රවිඩ භාෂාවෙන් ද කංසා හැදින් වුවත් පාලි භාෂාවෙන් එකී වචන හෝ ඒ හා සමාන වචන හෝ නොමැති බවත් උන්වහන්සේ පවසති.

COMMENTS