රාජපක්ෂලා රටට කරපු විනාශයෙන් රට ගොඩ ගන්න කා එක්ක ගොඩ ගන්නව ද යන්න තමන් තවම නොදන්නා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත...
රාජපක්ෂලා රටට කරපු විනාශයෙන් රට ගොඩ ගන්න කා එක්ක ගොඩ ගන්නව ද යන්න තමන් තවම නොදන්නා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
ඒ ඊයේ (19) හොරගොල්ල බණ්ඩාරනායක පිළිරුව අසලදීය.
එහිදී ඒ මහත්මිය මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට මෙසේ අදහස් දැක්වීය.
“මට හිතෙන්නේ මේ රටේ ජනතාවට අවශ්‍ය කරනවා අවංක, කැත වැඩ නොකරන්, හොරකම් නොකරන, මිනී මරන්නේ නැති, ජනතාවගේ අයිතිවාසිකම්වලට ගරු කරන නායකයෝ. ඒ බොහෝම ටික දෙනයි ඉන්නේ. එහෙම එක්කෙනෙක්, දෙන්නෙක් ඉන්න කොට මිනිස්සු කැමතියි. එච්චරයි. ඒ අය වටේ මිනිස්සු රොක් වෙනවා. රාජපක්ෂලා රටට කරපු විනාශයෙන් රට ගොඩගන්න හැබැයි කා එක්ක ගොඩ ගන්නවද කියලා මම දන්නේ නැහැ.”
COMMENTS