යාපනය සරසවියේ කලා පීඨයේ සිසුන් 08 දෙනෙකුගේ දින නියමයක් නොමැතිව පංති තනම් කිරීමත් සමග පෙරේදා (18) රාත්‍රියේ එම පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇ...
යාපනය සරසවියේ කලා පීඨයේ සිසුන් 08 දෙනෙකුගේ දින නියමයක් නොමැතිව පංති තනම් කිරීමත් සමග පෙරේදා (18) රාත්‍රියේ එම පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටමක් සම්බන්ධයෙන් ලැබුනු පැමිණිළි සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවට යාපනය කෝපායි පොලීසිය කියා සිටියේය.
යාපනය සරසවියේ කළමනාකරණ පීඨයේ සිව්වන වසරේ සහ තුන්වන වසරේ සිසුන් දෙපිරිසක් අතර යාපනය පරමේස්වරන් මන්සන්ධියේ ඇති වූ බහින්බස් වීමක් දුරදග යාමෙන් දෙපිරිස අතර ගැටුමක් ඇති වී තිබෙන අතර අදාල ගැටීම සම්බන්ධයෙන් සිසුන් දෙදෙනෙකු විසින් කෝපායි පොලීසියේ ඊයේ (19) දින උදෑසන පැමිණිල්ලක් දමා ඇත.
කෙසේවෙතත් මේ වන විටත් ඉහත සිසුන් අට දෙනාගේ පංති තහනම් කිරීමට විරෝධය කලා අංශයේ සිසුන් සියල්ලෝම පංති වර්ජනයක නිරත වෙන අතරම ඊයේ දින කලමනා කරණ පීඨයේ සිසුන් දෙපිරිස අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන්ද කෝපායි පොලීසියෙන් සිදු කරන පොලිස් පරික්ෂණ වලට අමතරව යාපනය විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන්ද විනය පරික්ෂණයක් ආරම්භ කොට ඇත.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS