මෙවර පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා සමඟ ඒ ඒ පළාත් පාලන ආයතනවලට තරඟ කරන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයන්ගේ නම් ඇතුළත් පත්‍රිකාව...
මෙවර පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා සමඟ ඒ ඒ පළාත් පාලන ආයතනවලට තරඟ කරන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයන්ගේ නම් ඇතුළත් පත්‍රිකාවක් ද බෙදා හැරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු යොදා ඇත.
මෙසේ පක්ෂ හා අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තු බෙදා හැරීම මැතිවරණ කොමිසමට අයත් නිල කාර්යයක් නොවන නමුත් ඡන්ද හිමියන්ගේ පහසුව සඳහා ඒවා බෙදා හැරීමට කොමිසම තීරණය කළ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පෙරේදා (18) කොමිෂන් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය.
පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකාවලින් කොටසක් බෙදා හැරීම සඳහා පෙරේදා (18) තැපැල් කාර්යාලවලට බාර දුන් බව ද සභාපතිවරයා කීය.
මේ අතර තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කොට අවසන් බවත් පොලිස් දෙපාර්තමේන්තුව, මැතිවරණ කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සේවකයින් සඳහා තැපැල් ඡන්ද විමසීම පෙබරවාරි 22 දා පැවැත් වෙයි.
සෙසු රජයේ ආයතන , ලංගම ඩිපෝ හා පාසල් සඳහා පෙබරවාරි 25 සහ 26 දිනවල තැපැල් ඡන්ද විමසීම සිදු කෙරේ. තැපැල් ඡන්ද මධ්‍යස්ථාන මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන
අතර මැතිවරණ නිරීක්ෂකයින්ට ද එම අවස්ථා නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබා දෙන බවද මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS