දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කිසිවෙකු රටින් පැන යන්න එපා… රට ගොඩගන්න අඩිතාලම දමා අවසන් - ජනපති
Homeප්‍රවෘත්ති

කිසිවෙකු රටින් පැන යන්න එපා… රට ගොඩගන්න අඩිතාලම දමා අවසන් - ජනපති

PropellerAds

රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් ලොව දියුණු රටවල් සමග ඉදිරියට යාමට හැකි පසුබිම සැකසීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රට ...

තිලාන් සමරවීර පිතිකරණ පුහුණුකරුධූරයට
අ.පුර දේශපාලන සිරකරුවන්ගේ උපවාසය අවසන්
ආසියානු සංචාරය අතරතුරත් ට්‍රම්ප් පුටින් ගැන හිතයි!!
රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් ලොව දියුණු රටවල් සමග ඉදිරියට යාමට හැකි පසුබිම සැකසීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රට නියත වශයෙන්ම ආර්ථික සමෘද්ධිය කරා ගමන් කරවන බව අවධාරණය කළ ජනාධිපතිවරයා කිසිවෙකු මව්බිම හැර යා යුතු නොවන බව ද සඳහන් කළේය. 
තමන්ගේ ලෝකය තම රට තුළ නිර්මාණය කර ගැනීම තාරණ්‍යයේ වගකීම වන අතර සැබෑ දක්ෂතාව එය බවත් 2025 වන විට සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ වැඩපිළිවෙළට දායකවීමට තරුණ තරුණියන්ට අවස්ථාව ඇති බවත් ජනාධිපතිවරයා පැවසිය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ 2023 අයවැය පිළිබඳ තරුණ තරුණයින් සමග පැවති මාර්ගගත සංවාදයේදී අදහස් දක්වමිනි.

සංවාදයට එක් වූ තරුණ තරුණියන් 2023 අය වැය යෝජනා සහ රටේ ඉදිරි ගමන් මග පිළිබඳව නැඟු ප්‍රශ්නවලට ජනාධිපතිවරයා පිළිතුරු දෙනු ලැබීය.

එදා ශ්‍රී ලංකාව ආසියාවේ දෙවැනි වූයේ ජපානයට පමණක් වුවත් අද රටේ ආර්ථිකය සිග්‍ර‍යෙන් පහත බැස ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙතැනම සිටිනවාද, නව වැඩපිළිවෙළක් ඔස්සේ ආර්ථික දියුණුව කරා ගමන් කරනවාද යන්න තීරණය කළ යුතුව තිබෙන බව ද සඳහන් කළේය.

මේ වන විට තරුණ තරුණියන් රට හැර යාමේ ප්‍රවණතාව ඉහළගොස් ඇති බවත්, පවතින දේශපාලන ක්‍රමය පිළිබඳ ඔවුන් සතුටට පත් නොවීම ඊට හේතුව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

තාරුණ්‍යයේ අපේක්ෂා ඉටු කරමින් රටට සුදුසු ආර්ථික ක්‍රමය කඩිනමින් සකසාගත යුතුබව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රටේ කඩා වැටී තිබූ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට පසුගිය අගෝස්තු මාසයේ ගෙන ආ අතුරු අයවැයෙන් හැකි වූ බවත්, එම ස්ථාවරත්වය මත සිටිමින් නව ආර්ථිකයක් ගොඩනැගීමේ ගමන මෙවර අය වැය සමග අරඹන බවත් සඳහන් කළේය.

රාජ්‍ය වියදම් කළමනාකරණය පිළිබඳ කළ විමසීමට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මුදල් පිළිබඳ නව අධීක්ෂණ කමිටු පත් කිරීමට හා පාර්ලිමේන්තුවේ දැනට ඇති කමිටු ශක්තිමත් කිරීමට මෙවර අය වැය තුළින් යෝජනා කර තිබෙන බවයි. මෙම කටයුතු සඳහා සහායවීමට පාර්ලිමේන්තු අය වැය කාර්යාලයක් ඇති කිරීමට යෝජනා කර තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රට තුළ සිදුවූ ආර්ථික කඩාවැටීම එකවර සිදුවූවක් ‍නොවන අතර, ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ නොයෙකුත් වාද විවාද සිදු කළද මෙවන් ආර්ථික අර්බුදයක් පිළිබඳ වාර්තාවක් කිසිවෙකු පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ බව සිහිපත් කළ ජනාධිපතිවරයා එවැනි තත්ත්වයන් මෙම කමිටු ක්‍රියාත්මකවීම සමග මඟහැරී යනු ඇති බවටද විශ්වාසය පළ කළේය.

රාජ්‍ය සේවය පිළිබඳ කළ විමසීමේ දී ජනාධිපතිවරයා සදහන් කළේ පසුගිය පාලනයන්හිදී අනවශ්‍ය ලෙස රාජ්‍ය සේවය පිරවීම අද රට මුහුණදී ඇති ආර්ථික අර්බුදයට හේතුවක් වී ඇති බවයි. රට ආර්ථික දියුණුව කරා ගමන් කළ ද, 2035 වන විට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබන සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගැනීම හේතුවෙන් විශ්‍රාම වැටුප් ලබාදීමේ දී බරපතළ ගැටලුවකට මුහුණදීමට සිදුවනු ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක නවක වදය අයිතිවාසිකමක් නොවන අතර ශිෂ්‍යයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන අයුරින් නවක වදය අවසන් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරුණ තරුණියන් හමුවේ අවධාරණය කළේය.

ශ්‍රි ලංකා ටෙලිකොම් සහ හිල්ටන් වැනි රජයට අයත් ව්‍යාපාර පෞද්ගලිකරණය කරන්නේ ද යන්න නැගු ප්‍රශ්නයට පිළිතුරු දුන් ජනාධිපතිවරයා සඳහන් කළේ මුදල් සහ විදේශ සංචිත නැතිවීම හේතුවෙන් කඩාවැටී ඇති ශ්‍රි ලංකාවේ ආර්ථිකය ගොඩගැනීමට ඇති එකම විකල්පය ලාභ නොලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කර ඒවා නඟාසිටූවීම බවත්, එවිට රුපියල ද ශක්තිමත් කළ හැකි බවයි.

– ජනාධිපති මාධ්‍ය ඒකකය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කිසිවෙකු රටින් පැන යන්න එපා… රට ගොඩගන්න අඩිතාලම දමා අවසන් - ජනපති
කිසිවෙකු රටින් පැන යන්න එපා… රට ගොඩගන්න අඩිතාලම දමා අවසන් - ජනපති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhO50T3cl0ciuY_vE4-VzzFtLEpSDEn8_a3XKKUp0q-6qbE-spggFY3FdG2YLh1TWtHkUu-2sXvHs2i6mxwB7mpvKFhNyeFgxfXzoO_YWjL3f1Yj0pM2p8nBgy5vPo1_vjXeHAvnEXqujnt1dwQj6uZ95Vu1TwmiKns3wxnT8nxMqclFo1Nxmcw0Q/s320/ranil.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhO50T3cl0ciuY_vE4-VzzFtLEpSDEn8_a3XKKUp0q-6qbE-spggFY3FdG2YLh1TWtHkUu-2sXvHs2i6mxwB7mpvKFhNyeFgxfXzoO_YWjL3f1Yj0pM2p8nBgy5vPo1_vjXeHAvnEXqujnt1dwQj6uZ95Vu1TwmiKns3wxnT8nxMqclFo1Nxmcw0Q/s72-c/ranil.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/12/blog-post_69.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/12/blog-post_69.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy