මදිඅරසන් සුලක්ෂන්, දර්ශන් ගනේශන් සහ ආර්. තිරුවරුල් යන දේශපාලන සිරකරුවන් විසින් පසුගිය සැප්තැම්බර් 25 වනදා උපවාසයක් ආරම්භ කරන ලද්දේ තමන...
මදිඅරසන් සුලක්ෂන්, දර්ශන් ගනේශන් සහ ආර්. තිරුවරුල් යන දේශපාලන සිරකරුවන් විසින් පසුගිය සැප්තැම්බර් 25 වනදා උපවාසයක් ආරම්භ කරන ලද්දේ තමන්ගේ නඩුව අසාධාරණ ලෙස වව්නියාව මහාධිකරණයෙන් අනුරාධපුර මහාධිකරණයට මාරු කිරීමට විරෝධය පළ කරමිනි. මෙම නඩුව මීට පෙර ද නීතිපති දෙපාර්තමේන්තුව විසින් චෝදනා පත්‍රය මාරු කිරීමට යැයි පවසා වසර 4ක් කල් මැරූ නඩුවකි. මෙම නඩුව සම්බන්ධ ඉල්ලීම සහ සියළු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා ඉල්ලීම් පෙරදැරි කරගෙන ජනාධිපතිවරයා සමඟ ද සාකච්චාවක් පැවැත් වූ නමුත් මෙතක් ඉන් ප්‍රතිඵලයක් නොවිණි.
ඊයේ දිනයේදී යාපනය සිවිල් සංවිධාන 17ක එකමුතුව සහ යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් විසින් මෙම දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ අරගලය ඉදිරියට ම පවත්වාගෙන යන බවට දෙන ලද පොරොන්දුව පිළිගනිමින් උපවාසය අවසන් කිරීමට සිරකරුවෝ එකඟ වූහ.
අදාල සිරකරුවන්ගේ නඩුව අනුරාධපුර බන්ධනාගාරයට මාරු කිරීමට එරෙහිව අභියාචනයක් ද අධිකරණය හමුවේ ගොනු කර ඇත.
- රංජිත් නිශාන්ත
COMMENTS