ජපන් අගමැති ෂින්සො අබේ හමුවීමෙන් අනතුරුව ට්‍රම්ප් පැහැදිලි ලෙසම සඳහන් කළේ ටෝකියෝ අගනුවරට නුදුරින් ඇමරිකානු-ජපන් හවුල් හමුදා කඳවුරක් ස්ථා...
ජපන් අගමැති ෂින්සො අබේ හමුවීමෙන් අනතුරුව ට්‍රම්ප් පැහැදිලි ලෙසම සඳහන් කළේ ටෝකියෝ අගනුවරට නුදුරින් ඇමරිකානු-ජපන් හවුල් හමුදා කඳවුරක් ස්ථාපිත කරන බව ය. මෙය පැහැදිලිවම, උතුරු කොරියාවේ න්‍යෂ්ටික හිතුවක්කාරකම් වලට එරෙහිව ඇමරිකාවේ සහ ජපානයේ සන්ධානගත වීම පිළිබඳ උතුරු කොරියාවට කළ අනතුරු ඇඟවීමක් සහ සංඥාවක් වේ. ඇතැම් විචාරකයන්ට අනුව ට්‍රම්ප් සිය ආසියානු සංචාරයේදී ප්‍රධානතම අවධානයක් යොමු කරනු ඇත්තේ ද උතුරු කොරියාව වෙත ය.
යොකෝටෝ ගුවන් හමුදා කඳවුරේ ඉදි කෙරුණු වේදිකාවේදී ට්‍රම්ප් ඇමරිකානු-ජපන් හමුදා සහයෝගිත්වය ට ප්‍රශංසා කළ අතර, “අප හැම කෙනෙක්ම ආරක්ෂා කිරීම ගැන” ඇමරිකානු හමුදාවට ස්තූති කළේය.
ට්‍රම්ප් සමග පැමිණ සිටින මලානියා ට්‍රම්ප්, ජපන් අගමැති ෂින්සො අබේ ගේ බිරිඳ වන අකී මත්සුකායි සමග සැහැල්ලුවෙන් කාලය ගත කරන ආකාරය ද දැකගත හැකි විය.
මේ අතර යොකොටෝ ගුවන් හමුදා කඳවුරේදී මාධ්‍යවේදීන් අමතා ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව මේ වන විට ජාත්‍යන්තර විචාරකයන්ගේ අවධානය යොමු වී ඇත. එහිදී ඔහු කියා තිබෙන්නේ තමන් රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ව හමුවීමට මෙම සංචාරයේදී බලාපොරොත්තු වන බවයි. එසේම උතුරු කොරියාවේ හැසිරීම වෙනස් කිරීම සඳහා පුටින්ගේ සහාය ලබාගැනීමට තමන් බලාපොරොත්තු වන බවයි. “මං හිතන්නෙ අපි මුණ ගැහෙයි... අපට උතුරු කොරියාව සම්බන්ධයෙන් පුටින්ගේ සහාය අවශ්‍යයි” යනුවෙන් ඔහු එහිදී පැවසීය.
ට්‍රම්ප් මෙම සංචාරයේදී වියට්නාමය බලා යාමට සැලසුම් කරගෙන තිබෙන්නේ වියට්නාමයේ ආසියානු පැසිෆික් ආර්ථික සහයෝගිතා සමුළුව පැවැත්වෙන කාලයේ ය. ඒ සඳහා රුසියානු නායක පුටින් ද පැමිණීමට නියමිත ය.
ඇමරිකානු ජනාධිපතිවරණය හා රුසියානු කුමන්ත්‍රණයක් පිළිබඳ ඇමරිකා එක්සත් ජනපදයේ විශාල අර්බුදයක් සහ විමර්ශනයක් පැවැත්වෙමින් පවතින අතරවාරයේ ට්‍රම්ප් මෙසේ කලාපයෙන් බැහැරව සංචාරයක යෙදීම ප්‍රශ්නයෙන් පැන යාමක් ලෙස ද ඇතැම් විචාරකයන් විසින් මීට පෙර හඳුන්වා දී තිබිණි.
මීට පෙර ඇමරිකාවේ ජනාධිපතිවරයෙක් මේ සා දීර්ඝ ආාසියානු සංචාරයක නියැළී නැති තරම් ය. 1992 වසරේ ජෝර්ජ් ඩබ්. බුෂ් දින 12 ක ආසියානු සංචාරයක් සිදුකළේය. ට්‍රම්ප් ද මුලින් සැලසුම් කර තිබුණේ දින 12 ක සංචාරයක් වූ නමුත් අවසන් මොහොතේ ඔහු නිවේදනය කළේ පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වීමට නියමිත නැගෙනහිර ආසියාතික සමුළුවට සහභාගි වන නිසා දින 13 ක සංචාරයක් තමන්ට අවශ්‍ය බවයි. මේ අනුව ඇමරිකානු ඉතිහාසයේ දීර්ඝතම ආසියානු සංචාරයේ යෙදෙන ජනාධිපතිවරයා බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වීමට නියමිත ය.
කෙසේ නමුත් පෙර කී ජෝර්ජ් ඩබ්. බුෂ්ගේ 1992 ආසියානු සංචාරය අවසන් වූයේ ජපන් අගමැතිවරයාගේ ඔඩොක්කුවට වමනය කිරීම මගිනි.! එවකට ජපන් අගමැති කීචි මියාසාවා විසින් බුෂ්ගේ ආසියානු සංචාරයේ අවසානය සනිටුහන් කරමින් භෝජන සංග්‍රහයක් පිරිනැමූ අතර, කෑම කමින් සිටින අතරවාරයේ බුෂ් මියාසාවාගේ ඔඩොක්කුවට වමනය කළේය. බාබරා බුෂ් ආර්යාව හට සෑහෙන වේලාවක් යන තෙක් ඔහුගේ මුහුණට ලේන්සුවක් අල්ලාගෙන සිටීමට සිදුවිය. පසුව ඇමරිකානු ජනාධිපතිවරයාට කලාන්තය ද හැදුණේය.
මෙම ආසියානු සංචාරයේ දී ට්‍රම්ප්ටත් වමනය කරන්නට සහ ක්ලාන්තය දාන්නට සිද්ධ වේවිද...?
- අමාලි ජයවීර
COMMENTS