මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින තිලාන් ලබන සඳුදා ලංකාවට පැමිණීමට නියමිත අතර ඔහුගේ පළමු රාජකාරිය වන්නේ එළඹෙන ඉන්දියානු සංචාරයයි. ...
මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින තිලාන් ලබන සඳුදා ලංකාවට පැමිණීමට නියමිත අතර ඔහුගේ පළමු රාජකාරිය වන්නේ එළඹෙන ඉන්දියානු සංචාරයයි.
තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණි සමරවීර පළමු ටෙස්ට් තරගයේ පටන් පිතිකරණයෙන් දක්ෂතා දැක්වූ අතර පසුව ඔහු ස්ථාවර මැදපෙළ පිතිකරුවකු බවට පත්විය. ටෙස්ට් තරග 81 ක් ක්‍රීඩා කළ තිලාන් ශතක 14 ක් ද සමගින් ලකුණු 5462 ක් රැස් කරගෙන තිබේ. එක්දින තරග 53 කදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ ඔහු ලකුණු 862 ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම අසාර්ථකවීම හේතුවෙන් මේ වනවිට ස්ථාවර පුහුණුකරුවන් පිරිසක් බඳවාගැනීමේ අභියෝගයකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ දී සිටින අතර තවමත් ප්‍රධාන පුහුණුකාරධූරය හිස්ව තිබේ. ග්‍රෙහැම් ෆෝර්ඩ් මහතාගේ හදිසි ඉවත්වීමෙන් පසු පන්දු රැකීමේ පුහුණුකරු නික් පොතාස් තාවකාලික පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ක්‍රිකට් ආයතනය පවසන්නේ වසර අවසන්වීමට පෙර ප්‍රධාන පුහුණුකාරධූරයට පුද්ගලයෙක් පත්කර ගන්නා බවයි.
පසුගිය කාලයේදී විටින් විට අවිශ්ක ගුණවර්ධන සහ හෂාන් තිලකරත්න ද පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර එහෙත් පිතිකරුවන්ගේ අසාර්ථකත්වයට හේතු සොයාගැනීමට ඔවුන්ට නොහැකි විය.
COMMENTS