දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජබය සජිත්ට නැති වෙයිද?
Homeප්‍රවෘත්ති

සජබය සජිත්ට නැති වෙයිද?

PropellerAds

සමගි ජන බලවේගය අවුරුදු 14ක් පැරණි තමාට අයත් පක්ෂයක් බවත් එහි අයිතිය ඉල්ලා දිසා අධිකරණයේ නඩුවක් ගොනු කළ බවත් සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමග...

අද පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය ප්‍රසිද්ධ කරයි
"අපේ අරමුණ රනිල් වික්‍රමසිංහ අගමැති කිරීම නෙවෙයි" - මහාචාර්ය සරත් විජේසූරිය
කථානායක ධූරයෙන් ඉවත් විය යුතු බවට යාපනය පුරා පෝස්ටර් ඇලවෙයි
සමගි ජන බලවේගය අවුරුදු 14ක් පැරණි තමාට අයත් පක්ෂයක් බවත් එහි අයිතිය ඉල්ලා දිසා අධිකරණයේ නඩුවක් ගොනු කළ බවත් සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය පැවසුවා. 
පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරන බොහොමයක් සජබයේ කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ඇය සඳහන් කළා.

ඇය වැඩිදුරටත් මෙසේද කියා සිටියා,

“පසුගිය කාලයේම සමගි ජන බලවේගයත් මාත් අතර තිබෙන ප්‍රශ්නයක් නමුත් මේක රටට ඉතා වැදගත් ප්‍රවෘත්තියක්. සමගි ජන බලවේගයට මම මේ වෙනකොට නඩු පවරාලා තියෙනවා. ඒ අනුව ගරු දිසා අධිකරණයේ මේ සම්බන්ධව පසුගිය සිකුරාදා නඩුවක් ගොනු කරනු ලැබුවා. සමගි ජන බලවේගය කියලා අද හඳුන්වන්නේ ‘අපේ ජාතික පෙරමුණ’ කියන පක්ෂයක්. මේ පක්ෂය සමඟ මංගල සමරවීර මහතා 2005දී මහින්ද රාජපක්ෂ මහතාගෙන් අයින් වෙලා තනිවම නිර්මාණය කරන ලද පක්ෂය. මම හිතන්නේ මේකට කියන්නේ ‘මා පාර්ශ්වය, කියලා. ටෙලිෆෝන් ලංඡනයක් හැටියට අරගෙනයි මේක හැදුවේ. එතුමා තමයි මේ පක්ෂයේ ක්‍රියාකාරිකයකු ලෙස ඇවිල්ලා මේක ඉදිරියට අරගෙන ආවේ. අපේ ජාතික පෙරමුණ කියලා පක්ෂයෙන් 2010දී අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න හැදුවා. ඡන්දය ඉල්ලන්න හැදුවේ ජෙනරාල් සරත් ෆොන්සේකා. නමුත් ඒ අවස්ථාවේ තිබුණු යම් යම් තාක්ෂණික හේතූන් නිසා රවි කරුණානායක මහතාගේ හංසයා පක්ෂයෙන් තමයි ඉදිරිපත් වුණේ.

එයින් අනතුරුව මගේ සැමියාත් සරත් ෆොන්සේකා මහතාත් සිරගත කරනු ලැබුවා. මගේ සැමියා නිදහස ලැබීමෙන් පසුව ඔහු මැදිහත් වෙලා මේ පක්ෂය මංගල සමරවීර මැතිතුමාගෙන් අරගත්තා. ඒ වෙලාවේ මංගල සමරවීර මහතා එක්සත් ජාතික පක්ෂයත් සමඟ එකතු වුණා. මේ පක්ෂය සම්පූර්ණයෙන්ම ක්‍රියාකාරී පක්ෂයක් විධියට මැතිවරණ කොමිසමේ ලියාපදිංචි වෙලා තිබෙනවා. අපි එක්සෙකෙටිව් කොමිටු පත් කරලා, ලේකම්ලා පත් කරලා පක්ෂය දිගටම අරගෙන ගියා. පක්ෂය ආරම්භයේ පටන් සෑම ජනාධිපතිවරණයකටම ඉදිරිපත් වුණා.

2019 ජනාධිපතිවරණයටත් රනිල් වික්‍රමසිංහ සමඟත් අපේ පක්ෂය කතා කරලා සන්ධානයක් විධියට යන්න අපි වැඩ කළා. නමුත් කොහොම හරි සජිත් ප්‍රේමදාස තමයි ජනාධිපති අපේක්ෂකයා විධියට හිටියේ. ඔහු එක්සත් ජාතික පක්ෂයෙන්ම ඉදිරිපත් වුණා. ඊට පස්සේ නැවතත් අර හංසයාගෙන්ම මැතිවරණයට ඉදිරිපත් වෙන්න ඒගොල්ලෝ තීරණය කළා. එහෙම කළාට පස්සේ මේක 2020දී සජිත් ප්‍රේමදාස හා රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පක්ෂයක් එක්ක දැවැන්ත ගැටුමකට ගියා. මොකද සජිත් ප්‍රේමදාස මේ පක්ෂයේ නායකත්වය ඉල්ලමින් ලොකු සටනක යෙදුණා. මේ අවස්ථාවේ මම මේ පක්ෂයේ මහ ලේකම්වරයා විධියටත් මගේ ස්වාමිපුරුෂයා සභාපතිවරිය ලෙසත් කටයුතු කළා. ඒ අවස්ථාවේ තමයි අපෙන් මේ පක්ෂය ඉල්ලුවේ. මේ පිරිස තවත් පක්ෂයන් කිහිපයක් ගන්න හැදුවා. නැවත හංසයා පක්ෂය ගන්න හැදුවා. නමුත් රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයත් සමඟ සිටිය නිසා ඔහු ඒ සඳහා එකඟ වුණේ නෑ. ඒ නිසයි මේ අවස්ථාවේ ක්‍රියාකාරීව දේශපාලනයේ නියුතු වූ අපේ පක්ෂය සමඟ සාකච්ඡාවට ආවේ.

මේ සාකච්ඡාවලදී ඔවුන් ඇහුවා මේ පක්ෂය විකුණනවද කියලා. එතකොට අපි කිව්වේ මේ පක්ෂය අපි විකුණන්නේ නෑ. සල්ලිවලට නම් අපි කිසිම වෙලාවක මේ පක්ෂය කාටවත් දෙන්නේ නෑ කියලා. ඊට පස්සේ තමයි ඔවුන් කිව්වේ මේ පක්ෂය අපිට දෙනවා නම් අපි ගිවිසුමකට එමු කියලා. එහෙම නම් මට ඔයාලා දෙන්නටම මන්ත්‍රි ධුර දෙකක් දෙන්නම් කිව්වා. ඊට පස්සේ මගේ සැමියා කිව්වා මට මන්ත්‍රි ධුර දෙකක් ඕනේ නෑ. නමුත් අපි පක්ෂයෙන් අයින් වෙන්නේ නෑ. මේ මහ මැතිවරණයට අපි පක්ෂය දෙන්නම්. හැබැයි අපිට එක මන්ත්‍රි ධුරයක් දෙන්න කියලා. අපේ පක්ෂයට දෙන එක මගේ බිරිය ඩයනාට දෙන්න කියලා ඔහු කිව්වා. එහෙම ගිවිසුමකට ඇවිල්ලා තමයි මම මහලේකම් විධියට රංජිත් මද්දුමබණ්ඩාරව පත් කළේ. ඒ වගේම මගේ මහත්තයා උප සභාපති වෙලා. සජිත් ප්‍රේමදාසට සභාපති හැටියට පත් කළා. මම තවමත් මේ පක්ෂයේ නීත්‍යනුකූලව ඉන්නවා. හැමෝම රවට්ටලා අලුත් තනතුරු දීලා තියෙන්නේ.

ඉතින් කොහොම හරි මට ඒ මන්ත්‍රි ධුරය ලැබුණා. මට පාර්ලිමේන්තුවට ගියා. මම 20 වැනි සංශෝධනයට ඡන්දය දුන්නා. ඡන්දය දුන්නේ මේ රටේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න බැහැ කියන කාරණාව නිසා. එතකොට තමයි මේ විධියට මාව ඒකමතිකව පක්ෂයෙන් ඉවත් කරලා දැම්මේ. හැබැයි මාව එහෙම ඉවත් කරන්න බැහැ. මටයි මේ පක්ෂය අයිති. ඒගොල්ලෝ කෙතරම් මට කරදර කළත් අපහාස කරලා නඩු දැම්මත් මමයි මගේ සැමියයි සද්ද නොකර හිටියේ මේ රටට හොඳ විපක්ෂයක් තිබිය යුතුයි කියන අදහසින්. නමුත් දැන් ඒක නෙවෙයි සිද්ධ වුණේ. මට විරුද්ධව රටේ තියෙන හැම උසාවියකම එක එක චෝදනා දාගෙන පෞද්ගලික පළිගැනීමකට සමගි ජන බලවේගයේ පිරිස ලෑස්ති වෙලා. හැබැයි ඉතින් එහෙම කරන්න ආවොත් නම් මගෙන් ගැලවීමක් නෑ. ඒක තමයි මම දිස්ත්‍රික් උසාවියේ මේ පක්ෂයේ අයිතිය ඉල්ලලා නඩු ගොනු කළේ

අනෙක් කාරණාව තමයි සමගි ජන බලවේගයට දෙවැනි සංවත්සරයක් නෙවෙයි ඒකට දැන් අවුරුදු 17ක් වෙනවා. මේක 2005දී මංගල සමරවීර මැතිතුමා හැදුවේ. මේක මේ සමගි ජන බලවේග කියලා නම හදාගත්තේ ‘ස’ ගමු අපි සජිත්ගෙන් ‘ජ’ ගමු අපි ජලනිගෙන් කියලා. එහෙම ඒ දෙක හැදුවා කියලා පක්ෂයට අවුරුදු දෙකේ ඒවා එන්නේ නෑ. පක්ෂය ලියාපදිංචි වෙලා තියෙන්නේ අවුරුදු 17ක ඉඳන්. අපි විශ්වාස කරන්නේ ඒවා රටට විහිළු සපයනවා විතරයි. මේ පක්ෂයේ ඉන්න බහුතරයක් පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂයේ තබාගන්න පුළුවන් අය නෙවෙයි. මොකද ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය අහෝසි කර නොගෙන තමයි සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය ලබාගෙන තිබෙන්නේ. ඔවුන් තවමත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්. ඒක මම නෙවෙයි කියන්නේ. යූඑන්පී එකේ මහලේකම්මයි කියන්නේ. ඔවුන්ගේ දිවුරුම් ප්‍රකාශයකින්ම ඒක පැහැදිලිව කියනවා. ඒ විතරක් නෙවෙයි මේ කට්ටියම ඒක අධිකරණයක් ඉදිරියේ පිළිඅරගෙන තියෙනවා අපි තාම ඉවත් වෙලා නෑ කියලා. දිසා අධිකරණයක රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා ගොනු කරන ලද නඩුවකදී මේ බව පිළිඅරගෙන තිබෙනවා. ඉස්සරහට ඉතින් ඔය පක්ෂයේ හැමෝටම හොඳ හොඳ සෙල්ලම් තියේ.”


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජබය සජිත්ට නැති වෙයිද?
සජබය සජිත්ට නැති වෙයිද?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgq8AXPlY105jzo7oAMTZovstcm2ounauzmaxXqn46x6ymXNrCeppFlYoEjMd3C9mqMqIB0Fa5RvkyKt8R1m0FEUOefpcRpMMxpU_zlEgur4FOPwqRhaAl8oUEN-VvIoSLbdlccRqUTSMzMvmxC68pAF1KDUDvCx4mlINL-orqK34Ezo867ZzbLoA/s320/Sajith-Premadasa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgq8AXPlY105jzo7oAMTZovstcm2ounauzmaxXqn46x6ymXNrCeppFlYoEjMd3C9mqMqIB0Fa5RvkyKt8R1m0FEUOefpcRpMMxpU_zlEgur4FOPwqRhaAl8oUEN-VvIoSLbdlccRqUTSMzMvmxC68pAF1KDUDvCx4mlINL-orqK34Ezo867ZzbLoA/s72-c/Sajith-Premadasa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/12/blog-post_51.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/12/blog-post_51.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy