ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කර පළාත් සභාවලට බලතල පැවරීමට පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බව ඉන...
ශ්රී ලංකාවේ ඇති ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා නොදීම සම්බන්ධයෙන් කණස්සල්ල පල කරන බව ද ඉන්දියාව පවසයි.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය සැසිවාරය අමතමිනි ඉන්දීය නිත්‍ය නියෝජිත ඉන්ද‍්‍රා මණි පාණ්ඩේ මෙම අදහස් පළ කළේය.
ඉන්දියාවේ මතය අනුව ශ්‍රී ලංකාව තුල සාමය සහ සංහිඳියාව ඇති කළ හැක්කේ දේශපාලන විසඳුමකින් පමණක් බවත් එය එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සිදුකළ යුත්තේ යුක්තිය සාමය සමානාත්මතා හා ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාව තුළ අභිමානයක් ඇති වන පරිද්දෙන් යැයි ද ඔහු තවදුරටත් පැවසීය.

COMMENTS