උතුරේ අමාත්‍ය මණ්ඩල අවුල ගැන උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබීය. එම විශේ...
උතුරේ අමාත්‍ය මණ්ඩල අවුල ගැන උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබීය.
එම විශේෂ ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ.
“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයේ 154e වගන්තිය යටතේ පළාත් සභාවක අමාත්‍ය මණ්ඩලය සකස් කළ යුතු ආකාරය සඳහන් වෙනවා. එහි ඉතාම පැහැදිලිව සඳහන් කර තියෙනවා. අමාත්‍ය මණ්ඩලය තීරණය කළ යුත්තේ, නම් කළ යුත්තේ ආණ්ඩුකාරවරයා විසින්. ආණ්ඩුකාරවරයා ස්වකිය අභිමතාර්ථය පරිදි එය සිදු නොකළ යුතු බවත් එය සිදු කළ හැකි වන්නේ මහාමාත්‍යවරයාගේ උපදෙස් අනුවයි. නැවත වතාවක් මම පැහැදිලිව කියන්නේ මහාමාත්‍යවරයාගේ උපදෙස් අනුව අමාත්‍ය මණ්ඩලය පත් කළ යුතුයි. දැන් උත්ගත වී ඇති තත්වය මේකයි, උතුරු පළාතේ මහ ඇමැති විග්නේශ්වරන් මැතිතුමා අමාත්‍ය මණ්ඩලයේ ඇතැම් ඇමතිවරුන්ගේ දුෂණ කටයුතු පිළිබඳ එතුමා කොමිසමක් පත් කළා. කොමිසම පත් කළේ එතුමා. පත් කලේ එතුමාගේ අමාත්‍ය මණ්ඩලයේ පිරිසකට එරෙහිව. එතකොට ඒ කොමිසම මඟින් සමහර ඇමතිවරුන් වරදකරුවෝ කරද්දී අද නීතියේ කෘත්‍යයකට පිවිස සිටින ඩැනිෂ්වරන් ඇමතිතුමා ඒ සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරලා තියෙනවා. මහ ඇමැතිතුමා මට උපදෙස් දුන්නා මේ ඇමතිවරු අස් කරලා නව අමාත්‍ය මණ්ඩලය පත් කරන්න කියලා. ඒ අනුව එතුමාගේ උපදේශයන්ට අනුගත වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අලුත් ඇමැති මණ්ඩලය පත් කරනු ලැබුවා.”
COMMENTS