මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන්දියාවට විකිණීමට ගෙන ඇති තීරණය හකුළාගන්නැයි ඉල්ලා සිටීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්...
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන්දියාවට විකිණීමට ගෙන ඇති තීරණය හකුළාගන්නැයි ඉල්ලා සිටීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවීමට ගිය අවස්ථාවේදී ඇමතිවරයා හා එම මන්ත්‍රීවරුන් අතර උණුසුම් වචන හුමවාරුවක් සිදුවිය.
බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයට ඊයේ (18) පෙරවරුවේ පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය දේශීය සම්පත් විකිණීම හෝ විනාශ කිරීම නොවන බැවින් ශ්‍රීලනිප ඇමතිවරයෙකු වශයෙන් මත්තල ගුවන්තොටුපළ ආරක්ෂා කරගැනීමට පියවර ගන්නා ලෙසයි.
මත්තල ගුවන්තොටුපළ ඉන්දීය සමාගමකට පැවරීමට රජය ගෙන ඇති ස්ථාවරය වෙනස් නොකරන බවත්,ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති තිබුණද එවැනි දේවල් ඕනෑතරම් සිදුව තිබෙන බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා එම අවස්ථාවේදී පැවසීය.
පැය ½කපමණ කාලයක් පැවැති මෙම සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන,මහින්ද යාපා අබේවර්ධන,ඩලස් අලහප්පෙරුම,විමල් වීරවංශ,රංජිත්ද සොයිසා,ජානක වක්කුඹුර,සුසිල් ප්‍රේම්ජයන්ත,අනුර ප්‍රියදර්ශන යාපා,සිසිර ජයකොඩිමහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්එක්ව සිටියහ.
එම වීඩියෝව පහතින්,
COMMENTS