තමන් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාට බිය නොමැති බවත් තමන් තවමත් කැළණියේ සිටින බවත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. ඊයේ (18දා) පැවැත...
තමන් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාට බිය නොමැති බවත් තමන් තවමත් කැළණියේ සිටින බවත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
ඊයේ (18දා) පැවැති මාධ්‍ය හමුවකදී සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ තමන් මර්වින් සිල්වා මෙන් දේශපාලනය නොකරන බවයි.
“පොලීසියට විරුද්ධව කතා කරන්න එපා. ඇයි මේ රණවිරුවන්ට අගෞරව කරන්නේ. මෙයාට මේ කියන්න දෙයක් නෑ. කැළණිය ආසනයේ ඉන්නේ ඉතාම ගෞරවණීය මිනිස්සු පිරිසක්. බොරු හමුදාපතිකම ඒ මිනිස්සුන්ගේ ඔලුවට දාලා ඒ වැදගත් ළමයි අද නොමග යනවා. මම කැළණියෙන් ගියා කියලා හිතන්න එපා. මම කැළණියේ තමයි ඉන්නේ. පිළිතුරු දෙන්න ලැබීම ගැන මම කනගාටුවෙනා. මම ෆොන්සේකට බය නෑ. කැළණිය පන්සලට ඇවිත් වුණ දේ මතකද? දඟලන්න එන්න එපා තව ගොඩක් දේවල් තියෙනවා මට කියන්න.
මම එක්සත් ජාතික පක්ෂයේ නායක තුමාට කියනවා. අගමතිතුමනි දාගන්න කතා කරන්න පුළුවන් කෙනෙක්. මම කැළණිය හැදුවා.ගිහින් අහන්න කැළණියේ මිනිස්සුන්ගෙන්. කැළණිය පන්සට යන පාර හැදුවේ මර්වින් සිල්වා. දන 63න් ගුවන පාලම හැදුවේ මර්වින් සිල්වා. තවත් කරපු දේවල් තියෙනවා.නරකවැඩ, වනචර වැඩ, ස්ත්‍රී දූෂණ ඒ වඅගේම අවලං වැඩ මම කරලා නෑ. මම පොලීසියට කින්නේ ගණන් ගන්න එපා මේ අය. තව ටික කාලයයි මේ අය ඉන්නේ”යැයිද ඒ මහතා පැවසීය.
එම වීඩියෝව පහතින්,
COMMENTS