විදුලිය භාවිතා කිරීම සඳහා පැනනැගී ඇති ගැටළුකාරී තත්ත්වය මත රට පුරා පිහිටි සියලු පිරිවෙන්වල ඉගැන්වීම් කටයුතු නතර කර දැමීමට සිදුව ඇතැයි වල්ල...
විදුලි බිල ඉහළ යාමෙන් ඊට අධික වියදමක් දැරීමට සිදු වීම මත මෙම ගැටලුකාරී තත්ත්වය පැන නැගී ඇත.
අධ්‍යන කටයුතු සිදුකරන ශාලා තුළ සෑම දිනකම පෙරවරුවේ සිට පස්වරු දක්වා විදුලි බුබුළු දල්වා තැබීමට සිදු වන බවත් පෙරට වඩා අධික මිලක් ඒ සඳහා ගෙවීමට සිදුවන බවත් පැවසූ උන්වහන්සේ පැවසූහ.
ඒ නිසා අධ්‍යයන කටයුතු නතර කර ගැනීම හැර හැර විකල්පයක් නැති බව ද උන්වහන්සේ පැවසූහ.
දේශපාලනඥයන්ගේ අර්බුද හා විවිධ කරුණු කාරණා මත විදුලිබල මණ්ඩලයට සිදුව ඇති පාඩුවට වෙහෙර විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන පලි නොමැති බවද උන්වහන්සේ කියා සිටියහ.
විදුලි බිල වැඩි කිරීමත් සමග පිරිවෙන් ආශිතව සිදුකරන අධ්‍යන කටයුතු වලට සිදුව ඇති බලපෑම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

COMMENTS