දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
11 වැනිදා අතිශය තීරණාත්මකයි! සිංගප්පූරුවේ ඉඳන් ගෝඨාත් ලංකාවට එනවා! චීන ඔත්තු නැවත් ලංකාවට එනවා!
Homeප්‍රවෘත්ති

11 වැනිදා අතිශය තීරණාත්මකයි! සිංගප්පූරුවේ ඉඳන් ගෝඨාත් ලංකාවට එනවා! චීන ඔත්තු නැවත් ලංකාවට එනවා!

PropellerAds

ලබන බ්‍රහස්පතින්දා (11) දිනයෙ ලංකාවට අතිශය තීරණාත්මක දවසක් බවට පත්ව තිබේ. ඒ, තවත් ජාත්‍යන්තර අර්බුදයක ලංකාව සිර කරමින් ලබන බ්‍රහස්පතින්ද...

යාපනයේ පුවත්පත් බෙදාහරින්නාට පහර දීමට එරෙහිව විරෝධතාවක්
අමල් කරුණාසේකර යළි රිමාන්ඩ්
කන්ටේනර් 74ක පණුවන් සහිත ටින් මාළු - නුසුදුසු ටින් මාළු ලැයිස්තුව මෙන්න
ලබන බ්‍රහස්පතින්දා (11) දිනයෙ ලංකාවට අතිශය තීරණාත්මක දවසක් බවට පත්ව තිබේ.

ඒ, තවත් ජාත්‍යන්තර අර්බුදයක ලංකාව සිර කරමින් ලබන බ්‍රහස්පතින්දා (11) චීනයට අයත් සන්නිවේදන නෞකාවක් වන ‘යුවාන් වැන්ග් – 5’ යාත්‍රාව හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබීමත්, සිංගප්පූරුවේ රැදී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ලංකාවට පැමිණීමට නියමිතව තිබීමත්ය.

මේ වන විටත් චීන නෞකාවට ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය විරෝධය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත දැනුම් දීමට පියවර ගෙන තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා වන ගෝපාල් බාග්ලේ මහතාද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළකොට ඇති බව දැනගන්නට ඇත.

ඉන්දියාවට අමතරව ඇමෙරිකානු රජයද මෙම චීන නෞකාව ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත නිල වශයෙන් විරෝධය පළකිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙරට ඇමෙරිකානු තානාපතිවරිය වන ජූලි චන්ග් මහත්මිය ඇමෙරිකානු රජයේ විරෝධය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත දැනුම්දීමට කටයුතු කොට ඇත.

එමෙන්ම ඉන්දියාව සහ ඇමෙරිකාව ඉන්දීය මුහුදු සීමාව තුළ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවක්ද දැනගන්නට තිබේ. එය ලබන ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණ කර ඇත.

මීට අමතරව ලබන බ්‍රහස්පතින්දා (11) දිනයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

ඉකුත් ජූලි 09 වැනිදා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් කොළඹට පැමිණ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය අත්පත් කරගැනීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පිටවීමට පියවර ගෙන තිබිණි.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.

සිංගප්පූරු රජය මගින් දින 14ක තාවකාලික වීසා බලපත්‍රයක් ඒ මහතාට නිකුත් කර තිබූ අතර, පසුව එය තවත් දින කිහිපයකට දීර්ඝ කිරීමට පියවර කර තිබිණි.

ඒ අනුව ලබන සතියේදී එම කාලයද ඉකුත් වීමට නියමිතව ඇති බැවින් ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත්තේ නැවත වතාවක් ලංකාවට පැමිණීමටය.

එසේ පැමිණෙන හිටපු ජනාධිපතිවරයා මිරිහානේ පිහිටි සිය පෞද්ගලික නිවෙසේ පදිංචි වීමට සැලසුම් කොට ඇති බවද දැනගන්නට ඇත.

- mawratanews
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 11 වැනිදා අතිශය තීරණාත්මකයි! සිංගප්පූරුවේ ඉඳන් ගෝඨාත් ලංකාවට එනවා! චීන ඔත්තු නැවත් ලංකාවට එනවා!
11 වැනිදා අතිශය තීරණාත්මකයි! සිංගප්පූරුවේ ඉඳන් ගෝඨාත් ලංකාවට එනවා! චීන ඔත්තු නැවත් ලංකාවට එනවා!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgj1sA338D1q9Pgq5qXbyAcRJQBM6haplYEochxBJu07qUojqoE9lb55MPzDnzYfihTuJdzyM31e3OEgJorEB7GNKWElyZd_BHAfavypbaksIG_XbXtMnpEaujz-CcXDYSCyLfbY8xkiJEQ4edjwk-5svifLHjQ1wv_s7MYFhzi7jTpFrkJXcpOsVUjCQ/s320/gotabaya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgj1sA338D1q9Pgq5qXbyAcRJQBM6haplYEochxBJu07qUojqoE9lb55MPzDnzYfihTuJdzyM31e3OEgJorEB7GNKWElyZd_BHAfavypbaksIG_XbXtMnpEaujz-CcXDYSCyLfbY8xkiJEQ4edjwk-5svifLHjQ1wv_s7MYFhzi7jTpFrkJXcpOsVUjCQ/s72-c/gotabaya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/08/11.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/08/11.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy