චීනයේ සිට කොළඹ වරායට ගෙන ආ පණුවන් සහිත ටින් මාළු අඩංගු කන්ටේනර් 74ක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙරටට ඇතුළු වීම වරණය කර තිබියදී එයින් කන්ටේන...
චීනයේ සිට කොළඹ වරායට ගෙන ආ පණුවන් සහිත ටින් මාළු අඩංගු කන්ටේනර් 74ක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙරටට ඇතුළු වීම වරණය කර තිබියදී එයින් කන්ටේනර් 6ක් වරායෙන් නිදහස් කර ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය පවසයි.
එම ටින්මාළු පරිභෝජනය කිරීම මඟින් පාරිභෝගිකයන්ගේ සෞඛ්‍යට තර්ජනයක් ඇතිවිය හැකි බැවින් කන්ටේනර් 6 වහාම සෞඛ්‍ය අමාත්‍යංශය භාරයට ගෙන නිසි පරීක්ෂණයක් පවත්වන ලෙස එම සංවිධානය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටී.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පහත දැක්වෙන ටින් මාළු වෙළඳපොලෙන් ඉවත් කිරීමට කඩිනම් වැඩපිළිවෙලක් සකස් කර ඇත.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිකුත් කළ නිවේදනය පහතින්,
සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්,
සෞඛ්‍ය අමාත්‍යාංශය,
කොළඹ 07
අධ්‍යක්ෂක ජනරාල්තුමනි,
පණුවන් සහිත ටින් මාළු අඩංගු කන්ටේනර් 6 ය වහාම සෞඛ්‍ය අමාත්‍යාංශ භාරයට ගන්න.
පණුවන් සහිත ටින් මාළු අඩංගු කන්ටේනර් 74 ක් චීනයේ සිට කොළඹ වරායට පැමිණ ඇති අතර එය මෙරටට ඇතුළු කිරීම වළක්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය කළ දැනුම් දී තිබියදී එයින් කන්ටේනර් 6 ක් වරායෙන් නිදහස් කර ඇති බව අප වෙත දැනගැනීමට ලැබී ඇත.
එම ටින්මාළු පරිභෝජනය කිරීම මගින් පරිභෝගිකයන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් ඇති වන බැවින් 1980 අංක 26 දරණ ආහාර පනත ප්‍රකාර ආහාර පිළිබද නිසි බළධාරියාවන ඔබගෙන් අප සංවිධානය කරුණාවෙන් ඉල්ලා සිටින්නේ අදාල පණුවන් සහිත ටින් මාළු අඩංගු කන්ටේනර් 6 වහාම සෞඛ්‍ය අමාත්‍යාංශය භාරයට ගෙන නිසි පරීක්ෂණයක් පවත්වන ලෙසය.
මෙයට, විශ්වාසි
රංජිත් විතානගේ - සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ විශේෂ නිවේදනය පහතින්,
COMMENTS