යාපනය දිස්ත්‍රීක්කයේ මුද්‍රණය කෙරෙන කාලෙයි කදීර් නැමති පුවත් පත් බෙදාහරින්නෙකුට පසුගිය 28 වනදා එල්ල වූ ප්‍රහාරයට එරෙහිව අද (30) යාපනයේදී ව...
යාපනය දිස්ත්‍රීක්කයේ මුද්‍රණය කෙරෙන කාලෙයි කදීර් නැමති පුවත් පත් බෙදාහරින්නෙකුට පසුගිය 28 වනදා එල්ල වූ ප්‍රහාරයට එරෙහිව අද (30) යාපනයේදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.
යාපනය මාධ්‍ය සමාජය විසින් මෙම විරෝධතාව සංවිධානය කොට තිබූ අතර යාපනය බස් නැවතුම්පල ඉදිරිපිටදී පැවත්වූ මෙම විරෝධතාවය සඳහා යාපනයේ මාධ්‍යවේදීන් පිරිසක් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පලාත්සභා මැති ඇමති වරුන් පිරිසක්ද සහභාගී වී සිටියහ.
පසුගිය 28 වනදා අළුයම යතුරුපැදි 5 කින් පමණ පුද්ගිලයින් 10 දෙනෙකු පමණ පැමිණ 53 හැවිරිදි සෙල්වරාසා රාජෙන්ද්‍රන් නැමැති කාලෙයි කදීර් පුවත්පත් බෙදාහරින්නාට පහරදී තිබුනේ යාපනය බ්‍රවුන්ස් මන්සන්ධියේදීය.
විරෝධතාවයේ නිරත වූවන් කියා සිටියේ අදාල පහරදීමට සම්බන්ධ කිසිවෙක් මේ වන තුරු අත්අඩංගුවට ගෙන නොමැති වීම බලවත් කනගාටුවක් මෙන්ම මාධ්‍යට කෙරෙන බලපෑම වහාම නවතා දැමීමට වත්මන් රජය විධිමත් පියවරක් අනුගමනය කළ යුතු බවටය.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS