දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නිරුපිකවක ලෙස පෙනී සිටි හමුදා සෙබළා සිසුවියන් රවටා නිරුවත් පොටෝ අරන්
Homeප්‍රවෘත්ති

නිරුපිකවක ලෙස පෙනී සිටි හමුදා සෙබළා සිසුවියන් රවටා නිරුවත් පොටෝ අරන්

PropellerAds

ජංගම දුරකතනයෙන්  සිසුවියන් 20කගේ  ඡායාරූප හමු වෙයි සැකකරු බෝයගනේ කඳවුරේ පාපන්දු ක්‍රීඩකයෙක් නිරූපිකාවක ලෙස පෙනී සිට ෆේස් බුක් ඔස්සේ පාසල...

විජයකලා ප්‍රකාශය ගැන අධිකරණයෙන් නියෝගයක්
කරාපිටියේ හෘද රෝගීන්ට විෂබිජ ආසාදනය වීමේ අවදානමක්! වෛද්‍ය නාමල් හෘද සැත්කම් නවත්වයි
මන්නාරම සතොස ගබඩාව තිබූ ස්ථානයෙන් පුද්ගලයින් 38කගේ මිනිස් ඇටසැකිලි හමුවෙයි
ජංගම දුරකතනයෙන්  සිසුවියන් 20කගේ  ඡායාරූප හමු වෙයි සැකකරු බෝයගනේ කඳවුරේ පාපන්දු ක්‍රීඩකයෙක්
නිරූපිකාවක ලෙස පෙනී සිට ෆේස් බුක් ඔස්සේ පාසල් සිසුවියන් රවටා එම සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප උපක්‍රම ශීලීව ගෙන එම ඡායාරූප ප්‍රසිද්ධ කරන බව පවසමින් ඔවුන්ව බිය ගන්වා කප්පම් ගැනීම්වල නිරතව සිටි බෝයගනේ යුද හමුදා කඳවුරේ පාපන්දු කණ්ඩායමේ සාමාජිකයෙක් වන හමුදා සෙබළකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් පෙරේදා (04) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සෙබළා කාලයක් තිස්සේම මෙම ක්‍රියාවේ නිරතව සිට ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයේදී පෙනී ගොස් ඇත.
මෙම හමුදා සෙබලා විසින් පාසල් සිසුවියන්ගේ ෆේස් බුක් ගිණුම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ඒ අයගේ සිතුම් පැතුම් හඳුනා ගැනීමෙන් අනතුරුව නිරූපිකාවක් ලෙස පෙනී සිටිමින් එම සිසුවියන්ව බිලිබා ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය විසින් කළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

‘මෙම හමුදා සෙබළා ඉතා සූක්ෂමවයි මේ කටයුත්තේ නිරත වෙලා තියෙන්නේ. මුලින්ම ඔහු කරන්නේ තමන් ඉලක්කරන සිසුවියගේ මිතුරියකගේ ෆේස් බුක් ගිණුම හැක්කරන එකයි. පස්සේ ඔහු එම මිතුරිය ලෙස පෙනී සිටිමින් ඉලක්කරන සිසුවියට පණිවිඩයක් යොමුකරනවා මම දන්න නිරූපිකාවක් ඉන්නවා. ඔයාට එයා කථාකරයි. ඔයාට පුළුවන් එයා එක්ක සම්බන්ධ වුනොත් නිරූපිකාවක් වෙන්න. බය වෙන්න එපා. එයා විශ්වාසවන්ත කෙනෙක්. වගේ දේවල් තමයි මුලින්ම පණිවුඩ හැටියට යොමුකරන්නේ. පස්සේ නිරූපිකාව ලෙස පෙනී සිටිමින් එම සිසුවියට මෙම සෙබලා ෆේස් බුක් හරහා අදහස් හුවමාරුකර ගන්නවා.‘ හමුදා සෙබළා විසින් පාසල් සිසුවියන්ව රැවටන ආකාරය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ එසේය.

අනතුරුව ඔහු එම සිසුවියගේ සාමාන්‍ය ඡායාරූපයක් ෆේස් බුක් හරහාම ඉල්ලා සිටින බවත් පසුව විවිධ ඉරියව්වලින් ඡායාරූප 50කට වැඩි ප්‍රමාණයක් ගන්නා බවත් අවසානයේදී සිසුවිය නොදැනීම නිරුවත් වෙමින් ඡායාරූප යොමු කරන බවත් එම නිලධාරියා කීය.
එම නිරුවත් ඡායාරූප ඔහු අතට පත්වීමෙන් පසු සිසුවියන්ට කථාකර එම ඡායාරූප අන්තර් ජාලයේ ප්‍රසිද්ධ නොකර සිටීමට මුදල් සහ සිසුවියන්ගේ පහස ඉල්ලා සිටින බව ද විමර්ශනවලින් අනාවරණය වූ බව එම නිලධාරියා සඳහන් කළේය.

මෙම පුද්ගලයාට හසුවූ ගම්පහ ගනේමුල්ලේ පදිංචි සිසුවියක් රුපියල් 50,000ක මුදලක්ද ඔහුගේ බැංකු ගිණුමට බැරකර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම මුදල් ඇය විසින් දී ඇත්තේ ඇගේ දෙමාපියන්ව මේ ගැන දැනුවත් කිරීමෙන් අනතුරුවය.

එම සිසුවිය ඇතුළු උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින් සිටින සිසුවියන් තිදෙනෙක් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන පවත්වා කුරුණෑගලදී ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ එක් සිසුවියකට තමාව මුණ ගැසීමට කුරුණෑගලට පැමිණෙන ලෙස දැනුම් දීමක් කර තිබේ. ඒ අනුව ඔහුව කොටුකර ගැනීම පහසුවක් වී ඇත. ඔහු සූදානම්ව සිට ඇත්තේ එම සිසුවිය සමඟ එදින කුරුණෑගල හෝටලටයක රැය පහන් කිරීමට බව ද අනාවරණය වී තිබේ.

මෙම සැකකාර හමුදා සෙබළා විසිහය හැවරිදි වියේ පසුවන්නෙකි. ඔහු හමුදා සේවයට ගොස් ඇත්තේ පාපන්දු ක්‍රීඩා කිරීම සඳහාය. බෝයගනේ හමුදා කඳවුරේ පාපන්දු කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස සේවයේ නිරතව සිටි ඔහුගේ ජංගම දුරකතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ලබාගෙන පරීක්ෂා කිරීමේදී පාසල් සිසුවියන්ගේ බවට සැකකරන තරුණියන් 20කගේ විවිධ ඉරියව් ඇති ඡායාරූප රැසක්ම තිබී හමුවී ඇත.

ප්‍රශ්න කිරීම් හමුවේ මෙම සැකකාර සෙබළා පවසා ඇත්තේ අන්තර් ජාලයෙන් තොරතුරු ලබාගෙන ෆේස් බුක් ගිණුම් හැක් කිරීමට තමා ඉගෙන ගත් බවය. ඔහු මේ ආකාරයට සිසුන් ඉලක්කර නිරුවත් ඡායාරූප රැගෙන එම සිසුවියන් ලැගුම්හල්වලට ද ගෙන්වාගෙන විවිධ අතවරයන්ට ලක්කර ඇති බවද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

මෙවන් අපරාධයන්ට ගොදුරුවී සිටින සිසුවියන් සහ තරුණියන් සිටී නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ඒ බව දැනුම්දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක්ද කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර්.ඒ.ඩී.ඊ.එල්. රන්දෙණිය මහතාගේ මෙහෙයැවීමෙන් පරිගණක අපරාධ කොට්ඨාස සමාජ මාධ්‍ය අංශයේ ස්ථානාධිපති නුවන් පද්මසිරි, උප පොලිස් පරීක්ෂක මහින්ද ඇතුළු කණ්ඩායමක් විසින් මෙම විමර්ශනය කර තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නිරුපිකවක ලෙස පෙනී සිටි හමුදා සෙබළා සිසුවියන් රවටා නිරුවත් පොටෝ අරන්
නිරුපිකවක ලෙස පෙනී සිටි හමුදා සෙබළා සිසුවියන් රවටා නිරුවත් පොටෝ අරන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjF-xmArZ95WlNtX_CwjIlkc_DC7tacRvrIiA_WgWImj379Duh3zWjHTVGRsdtvcyvSUwhO1p9NiSbelWYnf-4P01PwEotN1H11opTcVRprwL-zQlmYjuLCZPZrGYxN0tGYWms8tsn90BtAamW8lh-Qu4YWdbQaLxbdFLnksn6T4TsHZRFAkXqjnqxOuw/s320/pot.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjF-xmArZ95WlNtX_CwjIlkc_DC7tacRvrIiA_WgWImj379Duh3zWjHTVGRsdtvcyvSUwhO1p9NiSbelWYnf-4P01PwEotN1H11opTcVRprwL-zQlmYjuLCZPZrGYxN0tGYWms8tsn90BtAamW8lh-Qu4YWdbQaLxbdFLnksn6T4TsHZRFAkXqjnqxOuw/s72-c/pot.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/07/blog-post_21.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/07/blog-post_21.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy