කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද ශල්‍ය දැඩි සත්කාරක ඒකකයේ අක්‍රිය වි ඇති මධ්‍යම වායු සමිකරණ පද්ධතිය අලුත්වැඩියා නොකිරිම නිසා රෝගින්ගේ ආරක්ෂාව ගැන...
කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද ශල්‍ය දැඩි සත්කාරක ඒකකයේ අක්‍රිය වි ඇති මධ්‍යම වායු සමිකරණ පද්ධතිය අලුත්වැඩියා නොකිරිම නිසා රෝගින්ගේ ආරක්ෂාව ගැන සිතා ලබන සදුදා (16) සිට හෘද සැත්කම්වලින් ඉවත්විමට කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස්කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා තිරණය කොට තිබේ.
හෘද රෝගින් සැත්කම්වලට ලක් කිරිමෙන් පසු ඇතුලත් කරනු ලබන්නේ හෘද ශල්‍ය දැඩි සත්කාරක ඒකකය සදහා වන අතර මධ්‍යම වායු සමීකරණ පද්ධතිය අක්‍රියවිම නිසා එම රෝගීන්ට නිරන්තරයෙන් විෂබිජ ආසාදනය වන බව එම ඒකකයේ ආරංචි මාර්ග සදහන් කරයි.
දැනට මෙම දැඩි සත්කාරක ඒකකයේ සාමාන්‍ය වායු සමිකරණ පද්ධතියක් ක්‍රියාත්මක වන අතර එහෙත් ඒවා ප්‍රමාණවත් නොවන බවද පැවසේ. මෙහි ශල්‍යාගාරයේ ප්‍රමිතියට වායු සමිකරණ පද්ධතියක් නොමැති අතර මේ නිසා සැත්කම්වලට ලක්කල හෘද රෝගින් දරුණු විෂබිජවලට ලක්වෙති.
දරුණු විෂබිජ ආසාදනයට ලක්විමෙන් සතිදෙකකට වරක් එක් රෝගියෙක් පමණ මිය යන බවද එම ඒකකයේ ආරංචි මාර්ග සදහන් කරයි. මෙම තත්වය නිසා හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා විසින් හෘද සැත්කම්වලට භාජනය කරණු ලබන්නේ වෙනත් සංකුලතා නොමැති ශක්තිමත් හෘද රෝගීන් වේ.
එවැනි රෝගීන්ට තද උණ වැළදුණු අවස්ථා තිබෙන අතර මේ වනවිටත් සැත්කම්වලට ලක් කළ හෘද රෝගියකු විෂබිජ ආසාදනය වීමෙන් තද උණ වැළදි දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබයි.
මෙහි වායු සමීකරණ පද්ධතිය අලුත්වැඩියා කරදෙන ලෙස අවස්ථා ගණනාවකදි සෞඛ්‍ය බලධාරින්ගෙන් ඉල්ලිම් කළද එය බීරි අලින්ට විනාවැයිමක් බදු කටයුත්තක් බවට පත්ව තිබේ.
රෝගීන්ගේ ජිවිත ආරක්ෂාව ගැන සිතා හදිසි කටයුත්තක් ලෙස සලකා මෙම වායු සමීකරණ පද්ධතිය සකස් කරදෙන ලෙස හෘද රෝගින්ද සෞඛ්‍ය බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.
සැත්කම් කළ යුතු හෘද රෝගීන් 3000කට ආසන්න සංඛ්‍යාවක් පොරොත්තු ලේඛණයේ සිටින බවද පැවසේ.
මේ පිළිබද කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතානේ අප කළ විමසුමකදි මෙසේ කිවේය.
“හෘද ශල්‍ය දැඩි සත්කාරක ඒකකයේ මධ්‍යම වායු සමීකරණ පද්ධතිය අක්‍රියවෙලා තියෙනවා. මේ ගැන නාමල් ගමගේ වෛද්‍යතුමා මට ලිඛිතවත් දන්වලා තියෙනවා. ඔහු මා හමුවි මේ ප්‍රශ්නය ගැන කීවා. වායු සමීකරණ පද්ධතියේ අලුත්වැඩියා කිරිම ප්‍රමාදවීම නිසා ලබන සදුදා සිට හෘද සැත්කම්වලින් ඉවත්වන බව ඔහු කිවා. මෙය අලුත්වැඩියා කරන්න ටෙන්ඩර් කැදවලා තියෙනවා. නමුත් මේ සදහා මිලියන ගණනාවක් වැයවෙනවා. එම සීමාව ඉක්මවා ගිහින් තියෙන නිසා අමාත්‍යංශයට යොමු කරලා තියෙනවා. අනුමැතිය ලැබුණු ගමන් අලුත්වැඩියා කටයුතු පටන් ගන්නවා. කාලයක ඉදලා වායු සමීකරන පද්ධතිය අලුත්වැඩියා කරදෙන ලෙස මගෙන් ඉල්ලිම් කරලා තියෙනවා. ප්‍රමාදවිමට විවිධ හේතු තියෙනවා. දැනටත් ටෙන්ඩරය පටිපාටිය යනවා.“ යැයිද රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසී ය.
ලලිත් චාමින්ද
COMMENTS