“රට බංකොලොත් නම් උත්තරය බංකොලොත් විය යුතුද?” යන තේමාවෙන් විශේෂ සම්මන්ත්‍රණයක් අද (12) සවස 3:00ට කොළඹ තුම්මුල්ලේ පිහිටි සම්බුද්ධත්ව ජයන්ති...
“රට බංකොලොත් නම් උත්තරය බංකොලොත් විය යුතුද?” යන තේමාවෙන් විශේෂ සම්මන්ත්‍රණයක් අද (12) සවස 3:00ට කොළඹ තුම්මුල්ලේ පිහිටි සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුව පවසයි.
රට මේ මොහොතේ පත්ව ඇති දුෂ්කර තත්වය සහ පාලකයින් විසින් ඊට ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සදහා මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිත බවත් මෙහිදී ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල, ලංකා සම සමාජ පක්ෂයේ නායක, මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට පක්ෂය වෙනුවෙන් වීරසුමන වීරසිංහ, මහජන පක්ෂයේ නායක, අසංග නවරත්න ජාතික කොන්ග්‍රසය වෙනුවෙන් ඒ.එල්.එම්. අතාවුල්ලා යුතුකම සංවිධායේ ගෙවිදු කුමාරතුංග, විජය ධරනී ජාතික සභාවේ පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයින් විසින් ජනතාව ඇමතීමට නියමිතව බව එහි ප්‍රකාශකයෙක් වැඩිදුරටත් සදහන් කළේය.

COMMENTS