යාපනයේ දෙමළ ජාතිකයන් හා සමගියෙන් ජීවත් වූ මුස්ලිම් හා සිංහල ජාතිකයන්ට එල්ටීටීඊ තර්ජන හේතුවෙන් පැය 24 ක් තුළ සියලු දේ හැරදා පළායාමට සිද...
යාපනයේ දෙමළ ජාතිකයන් හා සමගියෙන් ජීවත් වූ මුස්ලිම් හා සිංහල ජාතිකයන්ට එල්ටීටීඊ තර්ජන හේතුවෙන් පැය 24 ක් තුළ සියලු දේ හැරදා පළායාමට සිදු වූ බවත් ඉන් බරපතල ඛේදවාචකයට භාජනය වූයේ මුස්ලිම් ජාතිකයන් බවත් ඇමතිවරයා පවසයි. යාපනයෙන් පළවා හැරි මුස්ලිම් ජාතිකයන්ට පුත්තලම ප්‍රදේශයේ කඳවුරු තුළ වසර 30 ක් පමණ ජීවත් වීමට සිදුවූ බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
මේ වනවිට එම ජනතාව නැවත පදිංචි කරමින් සිටින බවත් ඔවුන්ට පහසුකම් සැලසීමේදී සිංහල ජාතිවාදීන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවෙමින් තිබෙන බවත් පමස රාජිත සේනාරත්න මහතා අවධාරණය කරන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට සම අයිතිය ලබාදිය යුතුය යන ස්ථාවරයේ සිටින තමන් කුමන හෝ ජාතියක ජාතිවාදීන් ඉදිරියේ බියට පත් නොවන බවයි. මේ නිසා රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා එම ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ගෙනගිය වැඩපිළිවෙලට මුල සිටම තමන්ගේ සහයෝගය හිමිවූ බව ද සේනාරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
COMMENTS