යම් කුමන්ත්‍රණකාරී දේශපාලන බලවේගයක් විසින් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කීර්තිනාමයට හා යහපාලන ආණ්ඩුවට කැළලක් ඇති කිරීමේ නින්දිත උත්සාහයක් ක...
යම් කුමන්ත්‍රණකාරී දේශපාලන බලවේගයක් විසින් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කීර්තිනාමයට හා යහපාලන ආණ්ඩුවට කැළලක් ඇති කිරීමේ නින්දිත උත්සාහයක් ක්‍රියාත්මක වන බව පවසමින් අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරී (PRO) සමීර මනහර මහතා එම ධුරයෙන් අද (08) ඉල්ලා අස්වී ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය සෙනසුරාදා (05) රාත්‍රී තමා ඇතුළු සිව් දෙනෙකු ගමන්ගත් ජීප් රථයේ මත්ද්‍රව්‍ය තිබු බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගැනීමේ අවාසනාවන්ත සිද්ධිය පාදක කර ගනිමින්, එම කුමන්ත්‍රණය දියත්වන බව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබේ.
ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකිරිමත් සමගම ඔහු සිය රාජකාරි නිල වාහනයද වහාම අමාත්‍යංශය වෙත බාරදීමට කටයුතු කර තිබේ.
අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත යොමුකර ඇති එම ඉල්ලා අස්වීමේ ලිපිය පහත පළවේ.
COMMENTS