රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පැන නැගුණු ප්‍රවාහන ගැටලුවලට එක් විසඳුමක් ලෙස පාපැදි ධාවනය ප්‍රචලිත කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය කටයුතු ...
රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පැන නැගුණු ප්‍රවාහන ගැටලුවලට එක් විසඳුමක් ලෙස පාපැදි ධාවනය ප්‍රචලිත කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය කටයුතු ආරම්භ කර තිබේ.
ඒ අනුව, නගරයෙන් බැහැර ප්‍රදේශවල පාසල් ළමුන් සඳහා පාපැදි ධාවනය ප්‍රචලිත කිරීමට ත්, කොළඹ නගරය වෙත දුම්රිය මගින් පැමිණෙන ජනතාවට නිවසේ සිට ආසන්න දුම්රිය ස්ථානය වෙත පාපැදියෙන් පැමිණ දුම්රිය ස්ථානයේ එය ආරක්ෂිතව තබා යාමට දිරිමත් කිරීමට ත් ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කරනු ඇත.
ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත්තේ, පාපැදිකරුවන්ගේ ආරක්ෂාව සඳහා නව මංතීරු හඳුන්වා දීමට ශ්‍රී ලංකා පොලිසිය හා ශ්‍රී ලංකා ඉන්ජිනේරු ආයතනය ත් පාපැදි ධාවනයට සම්බන්ධ අනෙකුත් ආයතන සමග කටයුතු කරන බව ය.
එමෙන් ම, දෛනිකව කොළඹ නගරය වෙත ඇදී එන රථවාහන ප්‍රමාණය අවම කිරීම සඳහා කොළඹ නගරයට පැමිණෙන ප්‍රධාන මාර්ග 7ක පාර්ක් ඇන්ඩ් රයිඩ් (park & ride) මධ්‍යස්ථාන ඇති කළ යුතු බව ත් සියලු ම දුම්රිය ස්ථානවල පාර්ක් ඇන්ඩ් රයිඩ් මධ්‍යස්ථාන පිහිටුවිය යුතු බව ත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ, මහාමාර්ග අමාත්‍යාංශයේ ‘මග නැගුම’ මැදුරේ පසුගිය දා පැවති රැස්වීමකදී ය.

COMMENTS