බරපතළ වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම විසින් මේවන විට කොමිසමට ලැබුණු විමර්ශන අතරින් පැමිණිලි 17ක විමර්ශන අවසන් කර ජනාධිපතිවරයාට භාරදී ...
බරපතළ වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම විසින් මේවන විට කොමිසමට ලැබුණු විමර්ශන අතරින් පැමිණිලි 17ක විමර්ශන අවසන් කර ජනාධිපතිවරයාට භාරදී ඇති බව වාර්තා වේ.
පසුගිය ජූලි 27 වැනිදා එසේ විමර්ශන කර අවසන් කළ තවත් විමර්ශන 5කට අදාළ වාර්තා ද ජනාධිපතිවරයාට භාරදී ඇතැයි පැවසේ.
උඩරට සංවර්ධන අධිකාරියේ අයථා මූල්‍ය ගනුදෙනු සම්බන්ධ විමර්ශනය, නාවලපිටිය දුම්රිය ස්ථානයට අයත් ඉඩම් බෙදාදීමේදි මහින්දානන්ද පදනමට ඉඩම් ලබාදීමේදී සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධ වාමර්ශනය, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් සිදුකරන ලද රාජ්‍ය මූල්‍ය හා වරප්‍රසාද අනිසි ලෙස භාවිතාවේ යෙදවීමට අදාළ විමර්ශනය, පරන්තන් කෙමිකල් සමාගමට සිදුවූ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශන හා පාරිභෝගික අධිකාරියේ සිදුවූ අක්‍රමිකතා යන විමර්ශන වාර්තා මෙසේ ජනපතිවරයාට භාරදී තිබේ.
COMMENTS