දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආරක්ෂාව දෙගුණ තෙගුණ කරයි... මුලු පාර්ලිමේන්තුව වටේම පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාව යොදවයි - අද පාර්ලිමේන්තුව තියන්න යන හැටි
Homeප්‍රවෘත්ති

ආරක්ෂාව දෙගුණ තෙගුණ කරයි... මුලු පාර්ලිමේන්තුව වටේම පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාව යොදවයි - අද පාර්ලිමේන්තුව තියන්න යන හැටි

PropellerAds

ප්‍රචණ්ඩකාරීන්  පිරිසකගේ උත්සාහයක් ගැන තොරතුරු හෙළි වීමෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන දෙගුණයකින් පමණ ව...

රන් බිස්කට් සමඟ අයෙක් අත්අඩංගුවට
ප්‍රදේශ රැසකම විදුලිය බිඳ වැටීම්
කොළඹ නගර සභාවේ විදුලි සෝපානයෙන් ඇද වැටී පුද්ගලයෙකුට බරපතළයි
ප්‍රචණ්ඩකාරීන්  පිරිසකගේ උත්සාහයක් ගැන තොරතුරු හෙළි වීමෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන දෙගුණයකින් පමණ වැඩි කිරීමට ආරක්ෂක අංශ ප්‍රධානීන්  තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (16) පෙරවරුවේ පැවැත්විණ. මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.

මේ අනුව පාර්ලිමේන්තු අවට  දියවන්නා ඔයේ නාවික මුර සංචාරද පාර්ලිමේන්තුව අවට ගොඩබිම් ප්‍රදේශවල පොලිස් මුර සංචාරද වැඩි කෙරෙනු ඇත.

බුද්ධි අංශ නිරීක්ෂණ කටයුතුද  පුළුල් කිරීමට තීරණය කර  ඇත.

මෙයට අමතරව පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද යෙදවීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවැසීය.

මේ අතර පාර්ලිමේන්තුවේ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය. ඔහු එහි ආරක්ෂාව සම්බන්ධයෙන් උපදෙස් ගණනාවක් ලබාදී ඇතැයි දැන ගන්නට ඇත.

පාර්ලිමේන්තුව මේ සතියේ දින හතරක් රැස්වීමට නියමිත අතර ඒ සෑම දිනකම මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට වැඩිදුරටත් තීරණය කර  ඇත.

එසේම පාර්ලිමේන්තුවට පැමිණෙන්නන් පරික්ෂා කිරීමද පුළුල් කෙරෙන බව ආරක්ෂක අංශ නිලධාරීහු පවසති.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආරක්ෂාව දෙගුණ තෙගුණ කරයි... මුලු පාර්ලිමේන්තුව වටේම පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාව යොදවයි - අද පාර්ලිමේන්තුව තියන්න යන හැටි
ආරක්ෂාව දෙගුණ තෙගුණ කරයි... මුලු පාර්ලිමේන්තුව වටේම පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාව යොදවයි - අද පාර්ලිමේන්තුව තියන්න යන හැටි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjWA0Oqss9cyvGNftmqZVqso5UnwF5olh0YTNJ1CnsdCYnPyqvzL8EpjLs7ANAawH_U5niISMlLeHdaKsSrvt3-jYLOC2mLwryvZWuuZAygRB-EUZwli1zzNs8gKaBsU1N5WTUbXnV6_tHS3Cz9c7k8X37utEvEb2hs0vxpbmBz35TYYvrvp10aoJMRqA/w320-h170/parliament.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjWA0Oqss9cyvGNftmqZVqso5UnwF5olh0YTNJ1CnsdCYnPyqvzL8EpjLs7ANAawH_U5niISMlLeHdaKsSrvt3-jYLOC2mLwryvZWuuZAygRB-EUZwli1zzNs8gKaBsU1N5WTUbXnV6_tHS3Cz9c7k8X37utEvEb2hs0vxpbmBz35TYYvrvp10aoJMRqA/s72-w320-c-h170/parliament.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/05/blog-post_94.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/05/blog-post_94.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy