අද (23) පෙරවරු 11ට පමණ හලාවත ග්‍රිඩ් උප පොළෙහි සිදු වු තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක විදුලිය විසන්ධි වී ඇති බව ලංකා...
අද (23) පෙරවරු 11ට පමණ හලාවත ග්‍රිඩ් උප පොළෙහි සිදු වු තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක විදුලිය විසන්ධි වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
මේ හේතුවෙන් කටුනායක, බෝලවත්ත, මාහෝ, පුත්තලම, හලාවත හා අනුරාධපුර යන ප්‍රදේශයන්ට විදුලිය සම්ප්‍රේෂණය කරනු ලබන ග්‍රිඩ් උප පොළවල් ආශ්‍රිතව සිදුව ඇති බිඳ වැටීම් හේතුවෙන් ප්‍රධාන නගර කිහිපයක විදුලිය මේ වන විට විසන්ධි වී තිබේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා කියා සිටියේ මෙය යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විට කටයුතු යොදමින් සිටින බවත් එය ඉතා ඉක්මනින් සිදු කරන බවයි.
COMMENTS