බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයෙකු විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රත්තරන් බිස්කට් දෙකක් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධා...
බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයෙකු විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රත්තරන් බිස්කට් දෙකක් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අද (23) අලුයම අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
මොහු බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටින 55 වියේ පසුවන්නෙකි.
ඔහු අද (23) අලුයම 5.20 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් - 547 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ( Green Chanel ) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී රේගු නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබුණි .
ඔහුගේ කලිසමේ සාක්කුවක වූ මුදල් පසුම්බියේත් , පැළද සිටි පාවහන් තුළත් මෙම ග්රෑම් 100 බැගින් වූ රත්තරන් බිස්කට් දෙක සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබූ අතර , ඒවායේ මුළු බර ග්රෑම් 200 ක් වූ අතර , ඒවායේ මුළු වටිනාකම රුපියල් ලක්ෂ 13 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය .
සහකාර රේගු අධිකාරීවරුන් වන පී.පී.යූ.වීරසිංහ , එම්.ජේ.යූ.කේ.ප්‍රනාන්දු , කේ.බී.බණ්ඩාර සහ ඒ.අබ්දුල්ලා යන මහත්වරුන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්.ජාබීර් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ අශෝක රංජිත් මහතා මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ .
(කටුනායක ටී.කේ.ජී.කපිල )
COMMENTS