ඉදිරියේදී අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව දැනගන්නට තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා පො...
ඉදිරියේදී අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව දැනගන්නට තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් සමග ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාවක් අතරතුර ජනාධිපතිවරයා මේ බව දැනුම්දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉදිරි අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම මෙසේ අතුරු සම්මත අයවැයක් ඉදිරිපත් කොට මුදල් වෙන්කරවා ගැනීම ආණ්ඩුවේ අරමුණ වී ඇති බව දැනගන්නට තිබේ.
කෙසේ වෙතත් යම් හෙයකින් මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුව ඇතුළේ පරාජයට පත්වුවහොත් ආණ්ඩුව විසුරුවාහැරීමට සිදුවනු ඇත.

COMMENTS