මෙ රට කොරෝනා දෙවැනි රැල්ලට හේතුව ගුවන් හමුදාවේ ඇන්ටනොව් ගුවන් යානා තුනක් අලුත් වැඩියාවට පැමිණි යුක්රේන තාක්ෂණික නිලධාරීන් කණ්ඩායම බවට බුද්...
මෙරට කොරෝනා දෙවැනි රැල්ලට හේතුව ගුවන් හමුදාවේ ඇන්ටනොව් ගුවන් යානා තුනක් අලුත් වැඩියාවට පැමිණි යුක්රේන තාක්ෂණික නිලධාරීන් කණ්ඩායම බවට බුද්ධි අංශවලින් තොරතුරු වාර්තාවීමත් සමඟ අදාළ නොසැලැකිල්ල සම්බන්ධයෙන් යුදහමුදාවට හා ගුවන් හමුදාවට ඇගිල්ල දිගුවෙමින් ඇතැයි වාර්තා වේ.
එකොළොස් දෙනෙකුගෙන් යුත් මේ පිරිස නවාතැන් ගෙන සිටියේ යැයි කියන ස්ථාන දෙකක් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා මේ වන විට ඉදිරිපත්ව තිබේ.
ඉන් එකක් ලෙස දැක්වෙන්නේ සීදූව රමාඩා හෝටලයයි.
තවත් පුවත්පතක් වාර්තා කර ඇත්තේ මේ පිරිස නවාතැන්ගෙන සිටියේ කටුනායක ගුවන් හමුදා කඳවුරේ බවයි.
කෙසේවුවද, මේ පිරිස මේවන විට රටින් පිටව ගොස් ඇති බව වාර්තා වේ.
එක් පුවත්පතක් මේ පිරිස තුර්කින් පැමිණි බව අනාවරණය කරන අතර තවත් පුවත්පතක් මෙය යුක්රේනයෙන් පැමිණි බව කියා සිටී.
මේ අතර සීදූවේ රමාඩා හෝටලයේ සාමාන්‍යාධිකාරී අශෝක ජයමාන්න නැමැත්තා සිය හෝටලයේ මොවුන් නවාතැන් ගෙන සිටි බවත් අනාවරණය කර ඇත.
එම හෝටලයේ පස්දෙනෙකුට මේවන විට කොරෝනා ඇති බවත් ඔහු පවසා තිබේ.
කෙසේවුද, ජයමාන්න මහතා කියා සිටින්නේ රජය විසින් දෙයාකාරයකට නීති පැණවීම හේතුවෙන් මේ තත්ත්වය නිර්මාණය වී ඇති බවයි.
ජයමාන්න මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටී.

COMMENTS