අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) චීනයේ සංචාරයක නිරතවීමට නියමිතය. සංචාරය අරඹමින් අද චීනය බලා පිටත්ව යන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) චීනයේ සංචාරයක නිරතවීමට නියමිතය.
සංචාරය අරඹමින් අද චීනය බලා පිටත්ව යන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 17 වැනිදා දක්වා චීනයේ රැදී සිටින අතර පාඨලී චම්පික රණවක සහ අනුර ප්‍රියදර්ශන යාපා යන අමාත්‍යවරුන් මෙම සංචාරයට අග්‍රාමාත්‍යවරයා සමග එක්වේ.
එහිදී කර්මාන්තපුර, බහලුම් පර්යන්ත තාක්ෂණික උද්‍යාන, මූල්‍ය මධ්‍යස්ථාන, නිර්මාණාත්මක නිෂ්පාදන ආයතන ආදී ආර්ථික සංවර්ධන සඳහා පාදකවන කේන්ද්‍රීය ස්ථාන ගණනාවක් රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිරීක්ෂණය කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසීය.
COMMENTS