වර්තමාන රජය සහ නීතිපති දෙපාර්තමේන්තුව ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කරති. පාස්කු ප...
වර්තමාන රජය සහ නීතිපති දෙපාර්තමේන්තුව ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කරති.
රදගුරුතුමන් මේ බව සඳහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ රචිත ග්‍රන්ථයක් එළි දැක්වීමේ උත්සවයට අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමිනි.
ඉදිරියට එන නව රජයකින් යුක්තිය බලාපොරොත්තු වන බවද පැවසූ රදගුරු හිමියන් මසේද පැවසූහ.
‘රජය අපිට දුන්නු පොරොන්දු එකක්වත් ඉෂ්ඨ කරලා නෑ. මේ කාරණාව පැහැදිලිවම දැනගෙන එය වළක්වන්නට කටයුතු නොකළ රාජ්‍ය නායකයෝ සහ උසස් නිලධාරීන් ආරක්ෂා කරලා උසස්වීම් ලබාදීලා මේක විහිළුවක් කරලා.
කවදාහරි දවසක අපිත් නැතුව මේ රජයේ ඉන්න නායකයොත් නැතුව, ඉස්සරහට එන්න තියෙන රජයකින් හෝ මේ යුක්තිය අපිට ඉෂ්ඨ වෙනවා නම් ඒක එදාට සිදුවෙනකම් අපි බලාගෙන ඉමු කියන හැඟීම තමයි අපිට තියෙන්නේ’
COMMENTS