දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාප නායකයා තෝරන්න ඡන්දයක් ඕනෑදැයි එපාදැයි විමසූ ඡන්දයෙන් රනිල් පරාදයි
Homeප්‍රවෘත්ති

එජාප නායකයා තෝරන්න ඡන්දයක් ඕනෑදැයි එපාදැයි විමසූ ඡන්දයෙන් රනිල් පරාදයි

PropellerAds

එ ජාප නායකයා තෝරා ගැනීමට ඡන්දයක් පැවැත්විය යුතුදැයි නැද්දැයි යන්න පිළිබදව කරන ලද ඡන්ද විමසුමකදී ඡන්දයක් අවශ්‍ය නැතැයි කියූ එජාප නායක රනිල් ...

පාර්ලිමේන්තුවේ විශේෂ පූජාවක් (VIDEO)
පෙට්‍රෝලියම් එකේ රැකියා ඉල්ලා ඇමතිවරියකට දිනකට දුරකතන ඇමතුම් 50ක්!
සාම්පූර් බලාගාරය ඉදිනොකළොත් 2019දී විදුලි අර්බුධයක්
ජාප නායකයා තෝරා ගැනීමට ඡන්දයක් පැවැත්විය යුතුදැයි නැද්දැයි යන්න පිළිබදව කරන ලද ඡන්ද විමසුමකදී ඡන්දයක් අවශ්‍ය නැතැයි කියූ එජාප නායක රනිල් වික්‍රමසිංහ පාර්ශවය පරදවා වැඩි ඡන්ද 52කින් ජය ගැනීමට සජිත් ප්‍රේමදාස පාර්ශවයට හැකි වී තිබේ.
ඊයේ (16) පස්වරුවේ සිරිකොත මන්දිරයේදී පවත්වන ලද එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී එජාප නායකයා තෝරා ගැනීම සඳහා ඡන්දයක් පැවැත්විය යුතු බවට සජිත් පාර්ශවය කළ යෝජනාවට රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එම පාර්ශවය අකමැත්ත ප්‍රකාශ කර ඇත.

එසේ නම් ඡන්දයක් පැවැත්විය යුතුදැයි නැද්දැයි යන්න පිළිබඳව තීරණය කිරීමට ඡන්දයක් පැවැත්විය යුතු බවට හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා කළ යෝජනාවට අනුව මෙම ඡන්ද විමසීම පැවැත්වී ඇත.

එහිදී රනිල් වික්‍රමසිංහ, වජිර අබේවර්ධන, ආශු මාරසිංහ ඇතුළු මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ශාලාවෙන් ඉවත්ව යද්දී මන්ත්‍රීවරුන් 52ක් අතරේ පවත්වන ලද ඡන්ද විමසීමේදී ඔවුන් සියලු දෙනාම ඡන්දයක් පැවැත්විය යුතු බවට එකඟතාව පලකර ඇත.

මන්ත්‍රිවරුන් 65 දෙනෙකු සහභාගී වූ මෙම රැස්වීමේදී මන්ත්‍රීන් 52ගේ එකඟතාව පළවීම නිසා එජාප නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතා තෝරා ගතයුතු බවට රංජිත් මද්දුමබණ්ඩාර මහතා කළ යෝජනාව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් ස්ථීර කළ බව එජාප ඡේ‍යෂ්ඨ ප්‍රකාශකයකු සදහන් කළේය.

එමෙන්ම එජාප නායකත්වය පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා පැවැති එජාප මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම දැඩි කලබලකාරී තත්ත්වයන් මැද විසඳුමකින් තොරව අවසන් වූ බවද ආරංචිමාර්ග පවසයි.

පක්ෂ නායකත්වය පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා රනිල් වික්‍රමසිහ, සජිත් ප්‍රේමදාස හා කරු ජයසූරිය මහත්වරුන් ලබන සිකුරාදා රැස්වීමට තීරණය වූ බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා  පැවැසීය.

එජාප නායකත්වය වෙනස් විය යුතු බවට සජිත් පාර්ශ්වයේ මන්ත්‍රිවරුන් පිරිසක් දැක්වූ අදහස්වලට එරෙහිව රනිල් පාර්ශ්වයේ ආශු මාරසිංහ, සන්දීප් සමරසිංහ, රෝහිණී කුමාරි කවිරත්න ඇතුළු මන්ත්‍රිවරු පිරිසක් ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම උණුසුම් තත්ත්වයක් මතවී ඇත.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම රැස්වීමට විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රිවරුන් රැසක් සහභාගි වී සිටි අතර සජිත් පාර්ශ්වයේ මන්ත්‍රිවරුන් කිහිපදෙනකු එහිදී අවධාරණය කළේ ඉදිරි මැතිවරණයේදී එජාපය ජයග්‍රහණය කිරීමට නම් එජාප නායකත්වයේ වෙනසක් අනිවාර්යයෙන්ම ඇතිවිය යුතු බවයි.

මෙහිදී පැහැදිලිවම දක්නට ලැබුණු සුවිශේෂී කාරණයක් වූයේ සජිත් පාර්ශ්වයේ මන්ත්‍රිවරුන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නායකත්වය අනිවාර්යයෙන්ම වෙනස් විය යුතු බවට කරුණු දක්වන අතරතුරේදී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අනුගාමිකයන්ට කරුණු දැක්වීමට ඉඩදී ඔහු නිහඬව සිටීමයි.

හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා එහිදී සඳහන් කර ඇත්තේ පක්‍ෂ නායකත්වය පිළිබඳ ප්‍රශ්නයක් නොතිබියදී එවැනි ප්‍රශ්නයක් ඉස්මතු කිරීම පක්‍ෂයේ ඉදිරි ගමනට දැඩි බාධාවක් බවයි.

දහසක් පොරොන්දු දී බලයට පැමිණි වත්මන් රජය එම පොරොන්දු කඩ කිරීම පිළිබඳව ඉදිරි මැතිවරණයේදී ජනතාව පෙළ ගැස්සවීමේ අවශ්‍යතාව එළැඹී ඇති මොහොතක පෞද්ගලික න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කිරීම පක්‍ෂයටත්, පාක්‍ෂිකයන්ටත් කරන බරපතළ අසාධාරණයක් බවද හෙතෙම පෙන්වා දුනි.

මේ අවස්ථාව වන විට ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය මධ්‍යයේ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා තමන් පක්‍ෂයෙන් ඉවත්ව යන බව සඳහන් කරමින් රැස්වීමෙන් ඉවත්ව යෑමට සූදානම් වූ අවස්ථාවේ සජිත් පිලේ මන්ත්‍රිවරුන් පිරිසක් ඉදිරිපත්වී ඔහු වළක්වා තිබේ.

තවදුරටත් නායකත්වයේ රැඳී සිටීමට තමන් බලාපොරොත්තු නොවන බව එහිදී සඳහන් කළ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ශක්තිමත් පක්‍ෂයක් වශයෙන් පක්‍ෂය ඉදිරියට ගෙන යෑමට හැකිවන ආකාරයෙන් නව නායකත්වයට පක්‍ෂය භාරදීම  තම අරමුණ බව සඳහන් කර තිබේ.

එහිදී සජිත් පාර්ශ්වයේ මන්ත්‍රිවරුන් ඊට එරෙහිව අදහස් දැක්වීම වළක්වා ඇති අතර එජාප නායකයා ඉදිරි මැතිවරණයෙන් එජාපය ජයග්‍රහණය කරවීමට දැනට ඇති එකම මඟ නායකත්ව මණ්ඩලයකට පක්‍ෂය භාරදීම බවත්, තමන් ඊට කිසිදු ආකාරයකින් බලපෑම් නොකරන බවත් සඳහන් කර තිබේ.

මව්බිම


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාප නායකයා තෝරන්න ඡන්දයක් ඕනෑදැයි එපාදැයි විමසූ ඡන්දයෙන් රනිල් පරාදයි
එජාප නායකයා තෝරන්න ඡන්දයක් ඕනෑදැයි එපාදැයි විමසූ ඡන්දයෙන් රනිල් පරාදයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiXeP4OhAnAA0VJfHK1BqjxM78-UYpUbDiZ7pr4t-m7_3O7rM4WG3lKMIiGS-BJfw5c9DYUY6RPVJiTq4H5WSa1g7-pHR92aPX1TYCt0baHwIBmpO8Y6NkJRzHaC5mcYx5zpHBlsFOtN837/s320/5e2117d4f0a1b_5e2103d47be05_Untitled-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiXeP4OhAnAA0VJfHK1BqjxM78-UYpUbDiZ7pr4t-m7_3O7rM4WG3lKMIiGS-BJfw5c9DYUY6RPVJiTq4H5WSa1g7-pHR92aPX1TYCt0baHwIBmpO8Y6NkJRzHaC5mcYx5zpHBlsFOtN837/s72-c/5e2117d4f0a1b_5e2103d47be05_Untitled-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_283.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_283.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy