බොරැල්ල සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා සිටින විශ්‍රාමික වෛද්‍යවරයා සම්බන...
බොරැල්ල සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා සිටින විශ්‍රාමික වෛද්‍යවරයා සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ඉල්ලා ඔහුගේ පුත්‍රයා වන ඕෂල හේරත් මහතා විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය වෙත ලිපියක් යොමු කරනු ලැබ තිබේ.
ඔහු අත්බෝම්බයක් තැබීමේ සිද්ධිය පිළිබඳව සවිස්තරාත්මකව මහ කොමසාරිස්වරිය දැනුවත් කිරීමට අදාළ ලිපිය මගින් කටයුතු කර ඇති අතර ඔහු අවධාරණය කර ඇත්තේ, තම පියා වන වෛද්‍ය ෂර්ලි දයානන්ද හේරත් මහතා නීතිඥවරුන්ට ප්‍රවේශ විය නොහැකි අයුරින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින බව ය.
එමෙන් ම, අද වන තෙක් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර නැතැයි ද ඕෂල හේරත් මහතා එම ලිපියේ සඳහන් කර ඇත.
ඒ හේතුවෙන්, තම පියා ආරක්ෂා කිරීමට ත් නිදහස් කර ගැනීමට ත් වහා මැදිහත් වන ලෙස ඔහු අදාළ ලිපිය මගින් මහ කොමසාරිස්වරියගෙන් ඉල්ලා තිබේ.
මහ කොමසාරිස්වරිය වෙත ට්විටර් පණිවිඩයක් මගින් ඔහු අදාළ ලිපිය යොමු කර ඇත.
පොලිසිය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කිරීමට හොඳ ම උදාහරණය තම පියාගේ ගැටලුව බව ඔහු අදාළ ට්විටර් පණිවිඩයේ සඳහන් කර තිබේ.
ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, එම පනතට සුළු සංශෝධන ගෙන ඒමෙන් එම නීතිය අවභාවිත කිරීම වැළැක්විය නොහැකි බව ය.
අදාළ ලිපිය පහතින් දැක්වේ.

COMMENTS