මහබැංකුවේ බැඳුම්කර ගනුදෙනුවේදී මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුව ඇති බැවින් එම පාඩුව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනාට අයත් පර්ප...
මහබැංකුවේ බැඳුම්කර ගනුදෙනුවේදී මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුව ඇති බැවින් එම පාඩුව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනාට අයත් පර්පචුවල් ටෙෂරීස් සමාගමෙන් අයකර ගන්නැයි කෝප් කමිටුවෙන් නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර ගනුදෙනුවට හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සෘජුවම වගකිව යුතු බවද ඒ අනූව ඔහු ඇතුළු වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවටද කෝප් කමිටු අවසන් වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.
බැඳුම්කර සිද්ධියට අදාළ අවසන් කෝප් වාර්තාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් මේවන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටින අතර එහි නිර්දේශ ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS