මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ කෝප් කමිටුවේ විමර්ශන හා නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ...
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ කෝප් කමිටුවේ විමර්ශන හා නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඒ සම්බන්ධයෙන් මීට පෙර කෝප් කමිටු සාමාජික, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටු සභාපතිවරයා ඉදිරිපත් කළ නිර්දේශ ඒකමතිකව අද ඉදිරිපත් කරන බවයි.
මාස 16ක පමණ කාලයක් සිදු කළ විමර්ශනවලින් මහ බැංකු බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපතිවරයා සහ පර්පචුවල් ට්‍රෙසරීස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු පාර්ශව රැසක් වගකිව යුතු බවට අදාළ කමිටුව නිගමනය කර ඇති බව වාර්තා වේ.
පසුගියදා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කෝප් කමිටු සාමාජිකයින් පිරිසක් පාර්ශව කිහිපයකට පමණක් එරෙහිව නීතිමය පියවර ගැනීමට නිර්දේශ කරන බව ප්‍රකාශ කළේය.
එහෙත් මේ වන විට කමිටු සභාපතිවරයාගේ අවසන් වාර්තාවට සියලු සාමාජිකයින් ඒකමතිකව අනුමැතිය ලබාදී ඇති අතර අද දිනයේ එක් වාර්තාවක් පමණක් ඉදිරිපත් වනු ඇත.
COMMENTS